විදුලි කොටන හිත් අහසේ
අග්නිය මා සිරුර දවයි
එසැණින් ඇස් වලින් වැටෙන
කඳුළු වලින් නැහැවී යයි
සුසුම් පවන් හමා හමා
ඒ ගිනි නිවි නිවී ගියත්-
ගිනි පුපුරෙන් ගිනි පුපුරට
හිමින් හිමින් අඩි තිය තිය
හිමින් හිමින් අඩි තිය තිය
ආත්මගත වේදනාව මා පසු පස ලුහුබඳිනව
මට දැනෙනව
මට දැනෙනව
ගිනි ගන්නව
ගිනි ගන්නව
ආදරයෙන් සිපගත් මුව
රුදුරු අතුල් පහර තබමි
පසුතැවීම වේදනාව.....
ප්‍රේමය ඉක්මවා නැගෙන
එපාවීම...........
එපා වීම - එපා වීම
ජීවිතයම එපා වීම
මරණය වෙත අත වන වන
පිය නැගුවෙමි සාගරයට.......
හැම දෙයක් ම නැති වූදා
අත්පත් කරගත් ප්‍රේමය
අතහැර මේ ගමන ආමි
හිතුවක්කාරියක බැවින
සාගරයේ කඳුළු දියෙන් මතු වී ආ
දිය කිඳුරිය
හිත මිතුරිය
'කිරි සල් කිරි උදුම්බරා'
ඇවිත් මාව වැළඳගන්න
හිමින් හිමින් අඩි තිය තිය
හිමින් හිමින් අඩි තිය තිය
අවකාශය පුරා යන්න -
මගේ හිතින් මගේ කයින්
මා මුදන්න
මා මුදන්න
(විරාගී විරහී විරාමෙක)
Tuesday, November 20, 2012
Monday, November 19, 2012
කෙටි සටහනක්
නැවතත් ලිවීමට කාලය ලැබී තිබේ.
නැතහොත්.......ලැබෙන 'හැඩක්' තිබේ.
අතපසුවූ සටහන් කිහිපයක් ම ප්‍රමාද වී හෝ ලියන්නට අදහස් කරගෙන සිටිමි.
අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී තිබේ.
වැලිකඩ හිරගෙදර 'සමූලඝාතනයක්' සිදුවි තිබේ.
නැවතත් එළවළු මිළ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉතා ම ඉතා ම ඉතා ම ඉහළ ගොස් තිබේ.
'රෝසි' දැන් ටිකක් ලොකුයි. අලුත් ගෙදරට හුරු වී සිටී.
රණ්ඩු වෙවී යාලු වෙවී අග හිඟ කම් මැද ගෙවෙන ඔහුගේත්, මගේත්, කුටුම්භ ජීවිතය පිළිබඳ සංකීර්ණ සිතුවිලි වැලක පැටලී සිටිමි.........
එහෙත් ඒ ආදරය, ඒ රැකවරණය, ඒ සෙනෙහස, ඒ බෙදා හදා ගැනීම, ඒ තේරුම්ගැනීම....... මා අතිශයින් ම කාර්යබහුලව සහ මානසික නොසන්සුන්තාවයෙන් සිටි පසුගිය දිනවල මාව ඉවසා සිටියේ ය.
....කෙසේ වෙතත් ඒ පිළිබඳව ලියන්නට බොහෝ දෑ තිබේ.
මට 'වර්ජිනියා වුල්ෆ්'ගේ සටහන් පොත සිහිපත් වේ......
(ඇය හිස්ටරික ගැහැනියක යැයි ලෙනාඩ් වුල්ෆ් පවා සිතා සිටියා විය හැක....)
අම්මා සහ තාත්තා පෙර කවරදාකවත් නොවූ විරූ තරම් ආර්ථික අපහසුතාවන්හි ගැලී සිටින බව හැෙඟේ.
ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ මා කරන එකම දෙය දුක් වීම පමණි. අඟ හිඟ කම් අතර වුව මට ද නැති බැරි වෙලාවට හැම මාසෙකම වගේ අම්මා පිරිමසා ගන්නා විශ්‍රාම වැටුපෙන් මටත් සැලකිය යුතු මුදලක් දෙමින් සිටී. මම ඒ සම්බන්ධයෙන් අතිශයින් ම අපහසුතාවට පත්වී සිටිමි.
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණනි ඔබ පමණයි.....
ලියන්නට මෙන් ම කියවන්නටත් කාලය ලැබී තිබේ. මා මේ දින වල කියවන්නේ ඉන්දියානු ලිංගික ශ්‍රමික කාන්තාවකගේ ජීවිත කතාවකි.
'චන්ද්‍රවතීගේ කතාව' යතුරුලියනය කළ යුතුව ඇත. මට ඒ සඳහා ද කාලයක් වෙන් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සියල්ලට ම කලින් අතිරේක ආදායමක් ලැබෙන පාට් ටයිම් ජොබ් කට්ටකුත් සොයාගැනීමට සිදු වී ඇත.
එවිට අනෙක් සියලුම වැඩ සඳහා තිබෙන කාලය නැති වෙයි ද?
හැම ප්‍රශ්නයක් ම විසඳී අවසන් වන විට මා ජීවතුන් අතර නොසිටිය හැක.
එහෙයින් හැම ප්‍රශ්නයක් ම තිබියදී වුව, පෙර කී කාරණා වලට කාලය සොයා ගත යුතුව ඇත.
යථාර්ථයට මුහුණදී ජීවත් වීම නම් මෙයයි!
මේ....ජීවත්වීමයි....!!

Friday, October 19, 2012
Rape...
What a horrible word.......?
Rape
memory of the past- it crosses my mind
sometimes
even though at a little second
again & again
I feel the pain between my legs
I erases it
out of my memory,
but the guilt is killing me
because
It was my fault
Thursday, October 11, 2012
මම ආපහු ආවා........
බොහෝ කාලයකින් අඩවියට ආවේ.
අඩවියෙන් පිට වී සිටියේ 'චන්ද්‍රවතීගේ කතාව' ලිවීම වෙනුවෙනි.
'චන්ද්‍රවතීගේ කතාව' ලිවීම ද අතරමඟ නවත්වන්නට සිදුවිය.
ඒ ජීවත් වීම වෙනුවෙන් යළිත් රැකියවකට යාමට සිදු වූ බැවිනි. මුළු මහත් දහවලම වැයවන්නේ ඒ රැකියාව වෙනුවෙනි. රාත්‍රියට ලියන්නට නොහැකි වන්නේ ගෙදර පරිගණකය සදාකාලික නින්දකට පත්ව ඇති බැවිනි.
කාර්යයාලයේ කරන්නේ 'කුලියට ලිවීමකි'. (ඒ ලියන දේවල් ද පළ වන්නේ නැත. එහි කොන්දේසි අධිකය. දෙමළුන් ගැන ලියන්නට බැරිය. රාජපක්ෂ පවුලට හෝ ආණ්ඩුවේ ලොක්කන්ට චෝදනා කරන 'වොයිස් කට්' ඔවුන් විසින් 'කට්' කර දමයි. අවසානයේ මා ලියා දෙන වාර්තාවක් පළ වන්නේ උඩු යටිකුරු වී 'විකෘති' වීමෙන් පසුවයි. මා ලියන්නෙකු ලෙස ට සහභාගි වන ඒ වැඩසටහන මම නොඅසමි. කේන්ති යන නිසා.....රස්සාව දමල ගහල ගෙදර නවතින්න හිතෙන නිසා.)
මලාලා යුසුෆ්සායි නමැති පකිස්ථාන පාසැල් සිසුවිය ඊයේ රාත්‍රියේ තලේබාන් ත්‍රස්තවාදියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ පුවතත්, ඒ අනුව මේ වන විට ඇති වී තිබෙන මාධ්‍ය උනන්දුව අනුවත් මට නැවතත් 'අඩවිය'ට එන්න පාර මතක් වුණා.
කාර්යාලයේ වැඩ අතර තුර 'හොරෙන්'ම අඩවියට පැනගත්තේ මේ සටහන තියන්න.
මේ පකිස්ථාන සිසුවිය තලේබාන් පාලනයක් සහිත 'ස්වාට්' නැමැති ප්‍රදේශයේ ජීවත් වන බවත්, තලේබාන් ත්‍රස්ත පාලනය විවේචනය කරමින් බ්ලොග් අඩවියකට ලිපි ලිවීම හේතුකොටගෙන තලේබාන්වරු ඇයට වෙඩිතබන්නට ඇති බවත් වාර්තා වනවා.
11 හැවිරිදි වියේ සිට ම ඇය දිනපොතක් වශයෙන් අදාල බ්ලොග් අඩවිය ලියමින් සිටියාලු. ඒ අතර තුර බී.බී.සී. උර්දු සේවයට ද ඇය තමන්ගේ වාර්තා යැව්වාලු.
'ඈන් ෆ්‍රෑන්ක්' ව මතක් වුණා.
කුවන්ණාට තද 'හීන මානයක්' දැනුනා.
Thursday, May 24, 2012
කෙල්ලගෙ පංචායුදෙත් ලියැවී තිබෙන ආසියානු ගැහැණියගේ ඉරණම
අම්මා විසින් උයා බෙදා තබන බත්-එළවළු කරි දීසි තාත්තාගේ අනුහසින් පියා හඹා බිත්ති වල වැදීමෙන් කුඩු පට්ටම් වන නිවසක ඉපිද හැදී වැඩුණු මා වැනි ගැහැණියක් කවදාවත් ම නොපැතුවේ අම්මාගේ වන් පවුල් ජීවිතයකි.
අහඹුවක් නොවන මෙවැනි කලබගෑනි වලින් පසුව අම්මා හඩා වැටෙනු දකිනා මම 'කවදාවත් ම පිරිමියෙක් එක්ක එකට ජීවත් නොවන' තරම් හදිසි තීරණ පවා ගෙන ඇත්තෙමි.
අල්ලපුගෙදර අක්කා සැමියාගෙන් පහර කමින් ගම පුරා දුවනු දැක ඇත්තෙමි.
ජෝන් සිය බිරිද මාරි ස්ටෙලා මරා දමනු ලැබුවේ ඇද මත නිදමින් සිටියදී මුව මත කොට්ටයක් තෙරපමිනි. ඇය කර තිබූ වරද 'අල්ලපු ගෙදර මිනිහා සමග ඕනෑ නැති තරමට කතා බහ කිරීම' යි.
අනුරාධපුරේ තුෂාරි අක්කගේ සහෝදරියකගේ දියණියක් සිය සැමියා වෙතින් මැරුම් කෑවේ මෝල් ගහකින් පහරකෑමෙනි.
ලේන් එකේ රණ්ඩුවක් ඇහෙද්දී කවුළුවෙන් එළිය බලන මා දකින්නේ හැමදාම උදේ වැඩට යන මූණෙ ලපයක් තිබෙන ගැහැණු ළමයාට කව්දෝ පිරිමියෙක් පහර දෙන අයුරුයි.
අල්ලපු ගෙදර අතපත්තු අංකල් කියන්නේ ඒ 'ගෑණියි-මිනිහයි රණ්ඩුවක්' කියා.
මිනිස්සු ගෑණුන්ට ගහන්නේ හැම විටම 'පිට පිරිමි' සහ 'කෑම වල ලුණු මිරිස් ප්‍රශ්න' නිසා යැයි ඉස්සර ආච්චි අම්මා කියනවා. මට ඒකට එකතු කරන්න තව හේතුවක් තියෙනවා. මිනිස්සු එයාලගෙ ස්ට්‍රෙස් එකටත් ගෑණුන්ට ගහනවා. රණ්ඩු කරනවා.
බටහිර ගැහැණියත් අඩු වැඩි වශයෙන් මිනිහගෙන් ගුටු කනවා. යටත් පිරිසෙයින් ආසියානු ගැහැණියගේ ඉරණම අතිශයින් ඛේදනීයයි.
පාන් කන්නට උයා තිබූ පරිප්පු හොද්දට ලුණු වැඩියි කියා ඒ ටික සින්කයට හලා පිගාන හෝදා දමන සැමියා ඔරොප්පුවෙන් ඇදට ගොඩ වී නින්දට යනවා. ළමයින් දෙදෙනාත් නිදි.
දවසේ කටයුතු හමාර වන්නේ හෙට උදේට උයන කලමනා පිළියෙළ කළායින් පසුවයි. නිදි බර දෑස් තෙමෙන්නේ ඔහු බඩගින්නේ නින්දට ගිය නිසා.
දැන් ඉතින් නින්දට යන්න වෙලාව හරි.
පුතුගේ මුව සිප දියණියගේ මුව ද සිඹිමි.
කුවන්ණාගේ ඉනේ බැද තිබූ දිය ලණුවේ ද ගැට ගසා තිබූ ගැහැණියගේ මේ ඉරණම, රන් එතනාගේ පන් මල්ලේ ද, ගුණවතීගේ සහ නාලිනීගේ හෑන්ඩ් බෑගයේ ද තිබුණා. මගේ කුඩා දියණියගේ පංචායුධයේ තියෙන්නේ ත් එවන් සලකුණ විය හැක.

Monday, May 14, 2012
උපන්දින සටහන.
එකල මා ජීවිතයේ මුහුණ දුන් ඇතැම් අද්දැකීම් දෙස පසු හැරී බලන මම අද ඒ ගැන පුදුම වෙමි. සතුටු වෙමි. පසුතැවෙමි. නිසල මනසින් යුතුව සිහිපත් කරමි.
ටියුනික් රේන්ද ඇල්ලූ රෝස පාට ජංගි හැදබෝනික්කන් නැළවූ කාලයේ මා හඩා වැටුණා නම්, ඒ වීදුරු වලලු කැඩී ගිය නිසාවෙනි. සමනලුන් පසුපස දිව යද්දී පා පැකිල වැටීමෙන් දණහිස් සීරුණු නිසාවෙනි. නිවාඩුව ඉවර වූ පසුව තාත්තා නැවත සේවය සදහා මා දමා යන විට දුක දැනීමෙනි. අම්මා මල්ලියෙක් අරන් එන්නට රෝහලට ගොස් දවස් ගාණක් නොපැමිණ සිටි විට මහා තනිකමක් දැනුණු නිසාවෙනි.
මල් මල් ගවුම් ඇද, පාට පාට සෙරෙප්පු සපත්තු අදින කාලයේ මල්ලී එක්ක රණ්ඩු කරද්දී ඇඩුවෙමි. අම්මා හෝ තාත්තා සැර කරද්දී ඇඩුවෙමි. පාසැල් කාලයේ ඇඩුවා නම් ඒ ලකුණු අඩුවීම නිසාය. තරග වලින් පරාජය වූ විටය.ඉන් පසුව පොත් පත් වළ, චිත්‍රපට වල චරිත ආරූඩයෙන් අඩන්නට පටන්ගත්තේ පාසලේ ඉහළ පන්ති වල දීය.
ඉන් පසුව උදා වූයේ සංග්‍රාමික යුගයකි. මා අභ්‍යන්තර සටනක යෙදී සිටියදී මා වෙත ක්‍රියාත්මක වූ බාහිර ප්‍රචණ්ඩත්වයන් ද අධික වූවා. මා පසුකළ මෑත අවුරුදු හයක පමණ කාලය ඉතා අනතුරුදායක ද, එමෙන්ම ලාංකීය සංස්කෘතික භාෂාවට අනුව ඉතා අවිනීත ද, අතිශයින්ම සෙල්ලක්කාරී ද විය. එකල්හි මා කිසිවිටෙක කිසිවෙකුට පෙනෙන්නට නොහැඩුවෙමි. කදුළු ලුණු රස දිවගට දැනි දැනී තිබියදී, මා සිටියේ අසංවර ලෙස හිනා වෙවී.
එහෙත් තවදුරටත් ඒ කදුළු වලට ගල් වී සිටින්නට නොහැකි වුණා. දිය වී වැගිරෙන්නට පටන් ගත්තා. බොහෝ දෙනෙක් මගේ කදුළු දුටුවා. මා අසීමිත ලෙස ලජ්ජාවට පත් වුණා.
ඔවුන් මා හුදෙකලා කරන්නට පටන්ගත්තා වගේම මමත් හුදෙකලා වන්නට කැමති වුණා.
ඝන වී තිබූ කදුළු, දිය වී වෑස්සීමෙන් අනතුරුව මට දැන් දැනෙනවා ඒවා වාශ්ප වී යන බව.
අද මගේ විසි අට වැනි උපන් දිනයයි.
මා සිටින්නේ සිනාසෙන්නට උත්සහ කරමින් - දෙතොල් පොපියන්නේ ඒ නිසා.

Friday, May 11, 2012
ඒ අම්මා...../ ඒ ගැහැණී.....
ඒ අම්මාට ඉන්නේ කැහැටු කුඩා කොලු පැටියෙක්. කොලුවා සිටින්නේ නහටු බල්ලා සමග පොරකමින්. කොලුවාගේ කිලුටු කමිසයේ වාටිය බඩ හරියෙන් විකාගෙන සිටින බල්ලා ගිරියෙන් අමුතු සද්දයක් පිට කරයි. කොලුවා කෑ ගසා හඩයි, කොලුවා දෝතින් ම බදාගෙන සිටින්නේ අවසන් රොටී කැබැල්ල.
අම්මා සිටින්නේ කුකුළු පොරයක් බේරමින්, මද කිපුණු පට්ටි කුකුල් නාම්බා කිකිළියන් එළවාගෙන යන්නේ ඒකියන් දූෂණය කරන්නටයි. කිකිළියන්ට තුවාල කරමින්, කොටමින් එළව එළවා ගොස් ඒ දේ කරනවාට ඇය කැමති නැහැ. ඇය ඉවසන්නෙ නෑ ඒ කුකුල් නාම්බාගේ කඩප්පුලි විදිහ. ඒ අනුව ඈ අතට අහුවෙන ඕනෑම කැටකින් මුගුරකින් ඌට පහරදී එළවා ගන්නවා. ඌ අමනාපයෙන් කොක් කොක් ගගා බැන වදිමින් පසු බැස යනවා.
කොක් කොක් කරච්චල් අතරේ ඈට ඇහෙන්නේ කොලුවාගේ ඇඩිල්ල. දැන් ඉතින් ඈ ගෙට දිව යායුතුයි, කොලුවාගේ රොටී කැබැල්ල බේරා දෙන්නට.
හොටු-කදුළු පෙරාගත් කොලුවා දැන් රොටී කැබැල්ල දිනා ගැනීමේ ප්‍රීතියෙන් ඉපිලෙනවා. බල්ලා නහටු පුක ඇදේට නටවමින් පැන දුවන්නේ කුස්සියේ සිට සාලය දිගේ විසි වී ආ ගිනිපෙනෙල්ලෙන් පහර කාගෙන ය.
ඉතින් ඊළග වේලට කොලුවාට තම්බා දෙන්න කිසි දෙයක් ගේ හරියේ නැහැ. ඒත් ඈ කුස්සියේ අහුමුළු අවුස්සනවා.
දහවල හිරු රැස දැඩි වෙමින් තිබියදී ළමයින් ඉස්කොලෙ ඇරී පාර දිගේ යනවා රංචු රංචු ගැහී... ''කොල්ලන්ට කෙල්ලන්ටත් බඩගිනි ඇති....ගෙවල් වල මොනව හරි තැම්බී තිබියන් උන්නෙ බඩවල් වල වැටෙන්.... '' ඒ අම්මා හිතනවා.
පරඩැල් වෙවී යන වෙසක් කූඩුව ළග, ඉස්තෝප්පේ බිම, කොලුවා නිදන්නේ කටත් ඇරගෙන.
ඒ අම්මා හදිසියේම ගෙට දුවන්නේ දුම යට සගවා තිබෙන නිධානයක් මතක් වී. වේලාපු බත් ටිකක් කඩදහියක ඔතා දුම යට නිධන් කර තිබෙනවා. ඒත් 'අග්ගුලි' හදන්නට පොලුත් සීනිත් නැහැ. දැන් ඈ කල්පනා කරනවා කුස්සියේ ඔබ මොබ ඇවිද ඇවිද.
ආයෙමත් ගණදෙවි නුවණ පහළ වූවාක් මෙන් සන්තොස වී වේලපු බත් ටික මුට්ටියකට දමා, මෙන්න බතක් උයනවා. ලිපට ගිනි පිඹින අතර ඉස්තෝප්පුවට එබී බලනවා.දරුවා තාම නිදි.
අල්ලපු ගෙදරකින් වත් හොදි ඩිංගිත්තක් ඉල්ලගත්තොත් කොලුවාට කවන්නට පුළුවන්. ඒත් ඉතිං ඒක නම්බුකාර නෑ.
කුකුල් කුඩුවට පැන පිදුරු ගොඩ අවුස්සා උණට උණේ තියෙන ලපටි බිත්තරයක් හොයාගන්නවා. එය හිල් කර ඒ බිත්තර සාරු පොලිතින් බෑගයක දමා ගැට ගසා කේතලේ ඇතුළේ දමා තම්බාගන්නවා. ඔන්න දරුවා ඇහැරුණු විගහින් බිත්තරය අර අමුතු බත් එක්ක අනා කවත හැකි.
හද කුරගාන හැන්දෑවේ හීනියට මත් වී ගෙට ගොඩ වදින කොල්ලාගේ තාත්තා දවසේ කුලිය ඈ අත මිට මොලවනවා. ඔහු දවස් ගණනාවකින් වැඩට ගියේ අද. ගෙදර උයන්න දෙයක් තිබුණෙත් නැති නිසා කොත්තු රොටියකුත් අරන් ඇවිත්. අද දවසටම ඇයට ලැබුණු එකම කෑම තමයි ඒ. දැන් කොලුවා හොදටම නිදි.
නිදන්නට පැදුරට වන් ඇගේ බදවටා අතක් දමමින්ද, සිරුරේ කොටස් මිරිකමින්ද කොලුවාගේ තාත්තා ඔන්න දැන් මනමාල කම් කරන්නට පටන්ගත්තා. ඇයට එය මහා වදයක් වුණා. ඇය ඔහුගේ අත් ගසා බසා දමද්දී ඔහු කුණුහරුපයෙන් බැණ වැදුනා. ටික වෙලාවක් නොබැන හිට ආයෙමත් කිකිළියන් දූෂණය කරන්නට යන පට්ටි කුකුළා මෙන් හැසිරෙන්නට වුණා. ඇය ඔහුට පහර දෙන්නට යමක් සෙව්වා, කළුවරේම.
දැන් ගේ ඇතුළේ රණ්ඩුවක්.
කොලුවා ඇහෙරේවිදැයි බියෙන් ඈ සිටින්නේ. ඌ ඕන කුදයක් ගහගත්දෙන් කියා හරියකට කෑමකුත් නොකා නිදන නොදරුවා ලගින් ඈ නිදාගත්තා.
''මට තව දරුවො ඕනත් නැහැ. ඌ එක්ක පැදුරෙ ඔට්ටු වෙන්ඩයි, උලන්ඩයි, හිතේ වත් ගතේ වත් හයියක් ඇත්තෙත් නැහැ'' යි කියමින් ඒ අම්මා කොලු පැටියාත් තුරුළු කරගෙන නිදන්නට වුණා.

Monday, May 7, 2012
සුලං කපොල්ලේ තැනූ කැදැල්ලක හැවිල්ල
රෂිනි දුව,
දුව ගැන විස්තර හුගක් අහල තිබුණට, පුංචි කාලෙ දැකල තිබුණට, ඊයේ පෙරේදා දවස් දෙකේ තමයි ඔයත් එක්ක යාලු වෙන්න, සෙල්ලම් කරන්න, ඔයාව හුරතල් කරන්න මට ඉඩ ලැබුණෙ.
ඔයා දැන් හරි චණ්ඩියෙක්නෙ.
ප්‍රසන්න,
ඔයා කොහෙද ඉන්නෙ?, කවුද ඔයාගෙ අලුත්ම පෙම්වතිය? සහ ඔයා කරපු දේවල් ගැන පසුතැවෙනවද?, නැද්ද? කියන කිසි තොරතුරක් මම දන්නෙ නැහැ.
හැම රෑම දරුපැටියයි ඔයාගෙ සරමකුයි තුරුළු කරන් නොනිදා හූල්ල හූල්ලා ඉන්න චම්පා දැන් හිටියටත් වඩා කෙට්ටු වෙලා කියල ඔයා දන්නවද?
මූණට මුණ නොගැහී නීතීඥවරයා මගින් දරුවටයි චම්පටයි දෙන රුපියල් 8000 ඒ දෙන්නට ජීවත් වෙන්න සෑහෙයි කියල ඔයා හිතනවද?
ගෙවල් කුලියයි, කෑමයි, දරුවගෙ වියදමුයි ඒ රුපියල් අට දාහෙන් සම්පූර්ණ වෙයි කියල ද ඔයා හිතන්නෙ?
දරුපැටියා දකින්න ආසාවක් ඇත්තෙම නැද්ද?
ඒ කෙල්ලපැටියා ගමේ හැමෝගෙම ආදරේ ලබනවා.... හැමෝම එයාව හුරතල් කරනවා..... ඒත් එයා තාත්තිව හොයනවා...
කොණ්ඩෙ කර්ල් කොල්ලෙක් පාරෙ ගියොත් ''තාත්ති...තාත්ති....'' කිය කියා උඩ පනිනවා.
චම්පා,
''ආයෙ කවදම හරි ප්‍රසන්න එයි...'' කිය කියා මග බලන් ඉන්න, කවදාවත්ම ප්‍රසන්නට වරදක් නොකියන පුංචි කෙල්ල (තාමත් අවුරුදු 22ක් සිපිරුණේ නැති)....
උඹේ ඔය ඉවසීම සහ ආදරය ඉදිරිපිට මාද ඇතුලත්ව තවත් බොහෝ ගැහැණුන් කුරා කුහුඹුවන් වනවා.
....ඇත්තටම ආපහු ප්‍රසන්න එයි....
ඔයා එහෙම කියනව නම් නොඑන්න විදියක් නෑ....
(අපේ රත්නපුරේ ගෙදර ඉදිරිපිට කුලී කැදැල්ලට ආපු අලුත් 'කුරුලු' ජෝඩුවක් සහ ඔවුන්ගේ අවුරුදු එක හමාරක පැටියාගේ වග...... කවුද හිතුවෙ උන් ඒ කැදැල්ල හදාගත්තෙ සුලං කපොල්ලක කියලා...)

Friday, May 4, 2012
කුවණ්ණා පුරාණය - දෙවන කොටස
තමා වෙතින් දූෂණය වීමෙන් පරිපීඩිතව, සිරුර කෙළින් කරගත නොහී, වැල්ලේ වැතිර අව්වේ රත්වෙමින් සිටින කුවණ්ණා දෙස මොහොතක් බලා සිටි විජය ඈ සිය දෝතින් ගෙන ලැහැබ වෙත ගෙන ගොස් කූඩාරමේ සතප්පා මෘදුව.... ඉතාම ඉතාම මෘදුව ඇගේ නිරුවත් සිරුර කේශාන්තය තෙක්, පාදාන්තය තෙක් සිප ගනිද්දී කුවණ්ණාගේ හිතේ මේ මදාවියා ගැන ආදරයක් උපන්නා.
කුවණ්ණා විජයට ආදරය කරනවා...
කුවණ්ණා විජයට ආදරය කරනවා...
විජය ආසාවෙන් හා අනුකම්පාවෙන් ඇය සිපගන්නවා.
ඔව් විජයගේ හිතේ තියෙන්නෙ ආසාවක්....ආසාවක් සහ අනුකම්පාවක්....

සමාවෙන්න බුදුහාමුදුරුවනේ හෙට මං සිල් ගන්නෙ නෑ
සිල් සමාදන් වෙන්නට ඔන්න මෙන්න තිබෙද්දී.... අරුයි, උගෙ මහඑකාලයි එකීලයි, දරුවන් පවා කීතු කීතු කරන තරහවක්.... ජම්මාන්තර වයිරයක් පපු කැනැත්තේ කැලැත්තෙනවා.
ඕකුන්ට හෙණ ගහපිය! හෙණ නැත්නම් බෝම්බයක් වත් ගහපිය!
මගෙ අහිංසක මුණුබුරු මිණිබිරියන්ට හෙට ඉදන් උදේ කිරි වේල වරදීවි කිරිපිටි කිලෝ එකක් රුපියල් අටසිය දහයක්. ලොකු කෙල්ල රස්සාවට යන නිසා උයන්නෙ ගෑස් වලිං මයි, ගෑසුත් රුපියල් තුන්සිය පණහකින් ගණන් ගියා ලු. පොඩි එකා පෙරුං පුරල පෙරුං පුරල යාන්තං අත්තිවාරම කැපුවා ඉතරයි, සිමෙන්තිත් ගණං ගියා.....ඉතිං බාස් කුලියත් වැඩිවෙනවා.....ඌ ගේ හදාගන්නෙ කොහොමද?
අනේ බුදු හාමුදුරුවනේ මට සමාවෙන්න! අරුන්ට නං හෙණ හතම වැදිය!
ඇයි යකෝ... ඉන්ධන මිළ වැඩි කළා...... බස් ගාස්තුත් වැඩි කරපි..... ප්‍රවාහන වියදං වැඩි කළ හින්දා හැම බඩුවකම මිළ රුපියලෙන් දෙකෙන් වැඩි වුණා..... වෙන එකක් තියා රුපියල් හතරෙ ගිනි පෙට්ටියක් දැං රුපියල් නමයයි.
විදුලි ගාස්තු වැඩි කළා.... වාහන මිළ වැඩි කළා..... එතකොට සිගරට් අරක්කු මිළත් වැඩි කළා... පිටි මිළ වැඩි කළා....පාං මිළ දෙපාරක් වැඩි කළා.
මළ හත්ඉලව්වෙ අරුං මරාගෙන මැරෙන්න එකෙක් නැතුවාද? උං දරු පරම්පරා ගාණකට හම්බ කරගනිද්දි අපේ දරුවො බඩගින්නෙ මැරෙන්නද?
අනේ බුදුහාමුදුරුවනේ මට තමුන්නාන්සෙගෙ බණෙනුත් කාරි නෑ...
ඔබ වහන්සෙ 'වයිරයෙං වයිරය සංසිදෙන්නෙ නෑ.... මයිත්තිරී කරන්ඩ' කිය කියා දේසනා කළාට, ඕවා හොදයි කෝපි කාලෙට...
අම්මප බුදු හාමුදුරුවනේ... හෙට වෙසක් නෙවෙයි ඊටත් ඉහළ පෝයක් වුණත් මට එන්න වෙන්නෙ නෑ සිල්ගන්න....
මං මෙදා පෝයට සිල්ගන්ඩ සැදී පැහැදී හිටිය තමා.....ඒත් මගෙ හිත හොදටෝම වෙනස් වුණා...
මං...මං...හෙට මං යනව කෝවිල්. අරුං හැදිගෑවිලා යන්න මිරිස් අඹරෝනව..... මතුරෝල පොල් ගහනව...
අහිංසක මං කියල වෙන මොනව කරන්නද, වෙන යං දඩුවමක් පමුණුවන්ඩ මට වරං නැතුවා.

Tuesday, May 1, 2012
(අ)තීරණය.
මා සිටින්නේ අඩ නින්දේ...
ඔහු සිටින්නේ තද නින්දේ....
කුටියෙන් පිට මිදුල දිගේ ඇහෙන්නේ
හුරු පුරුදු අඩි සද්දේ....
....................................
නිදි නැති දෙනෙත් පියගසයි
වෙර නැතිව පා පටලැවෙයි...
දරුපැටවුන්ගෙ හෙට ගැන
දහසකුත් හීන දකිමින්
ඔහු නිදන්නේ මා තුරුල්ලේ....
කළ වැරැද්දට පසුතැවෙනවා මිස
කිසිම හිතක් නෑ
දොරගුලු හරින්න.
ඔහු සිටින්නේ තද නින්දේ....
කුටියෙන් පිට මිදුල දිගේ ඇහෙන්නේ
හුරු පුරුදු අඩි සද්දේ....
....................................
නිදි නැති දෙනෙත් පියගසයි
වෙර නැතිව පා පටලැවෙයි...
දරුපැටවුන්ගෙ හෙට ගැන
දහසකුත් හීන දකිමින්
ඔහු නිදන්නේ මා තුරුල්ලේ....
කළ වැරැද්දට පසුතැවෙනවා මිස
කිසිම හිතක් නෑ
දොරගුලු හරින්න.
මැයි දිනය පාවා නොදෙව් !
අද මැයි දිනය යි. නොඑසේ නම් ලෝක කම්කරු
දිනයයි. 'පැය අටක එක්දින සේවා මුරයක්' වෙනුවෙන් දින ගනණක් එංගලන්තයේ චිකාගෝ හි දි
උද්ඝෝෂණ කළ එංගලන්ත කම්කරුවන්ගෙන් පස් දෙනෙක් පමණ වෙඩි තබා මරනු ලැබූයේ 1886 මැයි
පළමුවැනිදාවේ යි.
ඉන්පසුව 1890 මැයි පළමුවැනිදා 'ලෝක කම්කරු
දිනය'ක් ප්‍රකාශයට පත්කරනු ලැබිය. එතැන් පටන් ලෝක කම්කරු ප්‍රජාව මැයි දිනයේ දී තම
අයිතීන් උදුරාගන්නා පාලකයින්ට එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි හා රැලි පැවැත්වීමේ
සම්ප්‍රදායක් ගොඩනගන ලදී.
1924 දී ශ්‍රී ලංකාව ද ඒ.ඊ. ගුණසිංහගේ
නායකත්වයෙන් යුතුව කොළඹ ප්‍රයිස් පිටියේදී මැයි පෙළපාලියක් සහ රැළියක් පවත්වන ලදී.
ඒ අනුව ආරම්භයේදී ශ්‍රී ලංකාව 1924 සිට 1956 දක්වා සටන්කාමී ස්වාධීන කම්කරු මැයි
දින පවත්වා ඇත.
එහෙත් 1956 සිට ශ්‍රී ලංකාවේ කම්කරු දිනය
'හුදු සැමරුම් දිනයක්' බවට පත්විය. එවකට දේශපාලන නායකයින්ද, විශේෂයෙන් වමේ
නායකයින් පවා 56 ආණ්ඩුව කම්කරුවාගේ ආණ්ඩුවක් යනුවෙන් 'ඓතිහාසික ප්‍රවාදයක්'
ගොඩනැගීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කම්කරු දිනය 'විකටරි දිනයක්' ලෙස 'සමරන්නට' පටන්
ගනු ලැබීය. එය සනිටුහන් කරමින් පළමුවතාවට මැයි දිනය 'නිවාඩු දිනයක්' බවට පත්
කෙරුණේ ද 56 දී ය.
බොහොමයක් සෙසු ආසියාතික රටවල් ද ප්‍රවණතාවක්
ලෙස මැයි දිනය හුදු සැමරීමකට සීමා කරද්දී යුරෝපය, ඇමරිකාව සහ සමහරක් ලතින්
ඇමරිකානු රටවල් තවමත් මැයි දිනය සටන්කාමී කම්කරුවාගේ බලය පෙන්වන දිනයක් ලෙස
අභිමානයෙන් සමරනු ලබයි.
එහෙත් ශ්‍රි ලංකාවේ දේශපාලන පක්ෂ තම පක්ෂ
වල බලය පෙන්වීමට (කමිකරුවන් නොවන) සිය බත්බැලයන් අගනුවරට ගෙන්වා කවා පොවා නටවා
මැයි පෙළපාලි පවත්වන දහජරා සංස්කෘතියක් අත් කරගන්නා ලදී. එහි සටන් පාඨ වෙනුවට
නායකත්වයට ආවඩන ප්‍රශස්ති ගයනු ද, සංස්කෘතික ප්‍රසංග පවත්වමින් ඉස්කොල වල ළමයින්
ලවා සරඹ කරවා අත්පොළසන් දෙනු ද, කම්කරුවාගේ හඩ වෙනුවට දේශපාලකයාගේ හඩ යකඩ කටවලින්
කෑමොර දෙනු ද දක්නට ලැබේ.
ශ්‍රී ලාංකීය කම්කරුවනි,
පාලකයා තොපේ වෘත්තීය අයිතිවාසිකම් ද, මානව
හා සිවිල් අයිතිවාසිකම් ද උදුරාගෙන ඇත.
'උහුලා ගත නොහැකි බදු බරක්' ඔබේ කර මත
පටවා රජය ඔබෙන් යැපෙන්නට පටන් ගෙන ඇත. දීමනාව, වැටුප, අර්ථසාධකය, විශ්‍රාම වැටුප
පවා කොල්ලකනු ලැබ ඇත.
ඔබේ රාජ්‍යය ඔබ හුදෙක් 'කඹුරන්නෙකු' /
'වහලෙකු' ලෙස මිස 'කම්කරුවකු', 'පුරවැසියෙකු', 'මිනිසකු' ලෙස නොසලන්නේය.
කටුනායක වෙළද කලාපයේ දී ද, හලාවත දී ද
වෙඩි තබා මරා දමනු ලැබුවේ ඔබේම සහෝදරයාය.
ඉදින් මේ එළඹ ඇත්තේ තොප 'තොප ම' වෙනුවෙන්
අරගල කළ යුතු කාලය නොවේද?
Saturday, April 28, 2012
හිතේ ඉන්න දුව හොරෙන් පැනල ගිහින්....
මගේ හිතේ දුවෙක් උපන්නෙ මට අවුරුදු දහ තුනේදි දාහතරෙදි විතර.
එදා ඉදන් ලදැරියක ලෙසත්, කුඩා ගැහැණු ළමයෙකු ලෙසත් පමණක් නොව විටෙක නව යෞවනියක ලෙසත් වරින් වර විවිධාකාර වේෂයන්ගෙන් මා තුළම ජීවත්වන්නී......සද වැනි මුහුණක් ඇතැයි සිතා මා ඇය නම් කළා ' චන්ද්‍රවතී ' කියා.
මා ඇය නළවනවා....''ගුවන් තොටිල්ලේ සද සැතපෙනවා...
මගේ තුරුල්ලේ දුව නැළවෙනවා...''
''...දුවගෙ මුවින් එන කැකුලු සිනාවේ....
සුවද මැදින් හෙට දවස උදා වේ......'' වැනි මා දන්නා සිංදු කිය කියා.
මා මගේ ජීවිතයේ දී මුහුණ දුන් අමිහිරි කටුක බියකරු අත්දැකීම් කවම කවදාවත් මගේ දුවට විදින්නට සිදු නොවන්නැයි පැතුවා!
මා හඩවමින්...., මා සනසමින්.... මගේ හදවතේ ගැඹුරුම තැනයි නුඹ සිටින්නේ....
පාර තොටේ මට මුණගැහෙන හැම දුවෙකුගෙ මූණෙන්ම මා දකින්නේ නුඹේ මුහුණ.
ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ගීතයේ පරිද්දෙන්ම දුව මගේ හිත පුරා හැම විටම ජීවමානව ඉන්නවා දැනෙනවා.
පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා
පුංචි දුවෙක් ඉස්කෝලෙට එක්කන් යනවා
හිත ඇතුලෙන් මමත් දුවෙක් එක්කන් යනවා
පුංචි ළමයි පිරිසක් මැද දුවෙක් අඩනවා
මගේ පුංචි දූ ඇඩුවැයි මට සිහිවෙනවා
පුංචි ළමයි කුසගින්නේ පාරෙ අඩනවා
මගේ දූට කිරි දුන්නද මට සිහිවෙනවා
පුංචි ගවුම් කඩ පිල් වල සුළගෙ වැනෙනවා
පුංචි දුවෙක් හිත ඇතුලේ ඒව අදිනවා
වැඩ ඇරිලා හැන්දෑවේ මං ගෙට එනවා
ලෝකෙම පොඩි ළමයි දූගෙ මුහුණෙ පෙනෙනවා
අද උදෑසනම මා වෙත ලැබුණු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ මගේ බාප්පාගේ දා හත් හැවිරිදි දුව 'හොරෙන් පැන ගිය පුවත...'ක්.
එය හුදු සිද්ධියක්ව උහුලාගත්තෙ නෑ මගෙ හිත.
ජෛව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක විවරණ කරමින් තර්ක කරන්නේ නෑ මගෙ හිත.
ඒ වෙනුවට මම දුක් වෙනවා.
හිතින් හඩා වැටෙනවා.
බිය වෙනවා.
මම දුක් වන්නේ, හිතින් හඩා වැටෙන්නේ, බිය වන්නේ මගේ ඥාති සහෝදරිය වෙනුවෙන් ම නොවේ.
වැඩිමනත් මගේ දුව චන්ද්‍රවතී නුඹ වෙනුවෙන්.
මගේ පුංචි ඥාති සහෝදරියගේ ඉරණම කුමක් වේ දැයි මා නොදනිමි.
ආදරය වෙනුවෙන්, ඇය ගත් තීරණය වෙනුවෙන් ඇගේ පෙම්වතා ඇයට කවර සාධාරණයක් / අසාධාරණයක් කරාවිදැයි නොදනිමි.
මගේ රත්තරන් දුව,
ආදරය සහ විවාහය යනු ගැහැණියකට සෙල්ලමක් නොවේ.
එහෙත් හැම විටම නොවුණත් බොහෝවිට පිරිමින්ට ඒ තරම් බරපතළ දෙයක් නෙවෙයි.
ආදරය වෙනුවෙන් ඒ දවස් වල මා ආදරය කළ මගේ පෙම්වතුන් වෙනුවෙන් මා හැම විටම ගෙවා ඇත්තේ හැකි උපරිමයෙනි.
ඔවුන් මට සොච්චමක්වත් දී නැත.

Friday, April 27, 2012
කුවණ්ණා පුරාණය - පළමුවන කොටස
කැකුළු තන ලප පවා එළියේ දාගෙන යන්තමට යටි කය වසාගෙන...කොණ්ඩය පිට දිගේ ලාගෙන යක් කෙල්ල සෙල්ලම් කරමින් සිටියා. ඇගේ යාලුවන් පුංචිඋන්. කෙල්ලට අවුරුදු දාහතරක් විතර ඇති. ඒ වෙලාවේ ඇය සිටියේ තම්බපණ්ණි වැල්ලේ වැලි බත් උයමින්....
විජය නම් වූ රාජ පුත්‍රයෙක්.....ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබූ දාමරික, සල්ලාලයෙක්.....දූපතේ තම්බපණ්ණිය අවට ලැහැබක කදවුරු ලා සිටියේ සිය පිරිවර ද සමගින්, කෙල්ල සිය පුංචි යාලුවන් හා සෙල්ලම් කරමින් සිටියේ ද ඒ ආසන්නයේ.
දින ගනණාවකින් ගැහැණියකගේ පුසුඹ ඉවක්වත් නොලැබ මහත් පිපාසාවෙන් සිටි විජය කාමාග්නියේ දැවුණා, යක් කෙල්ල දුටු මතින්. පළ පුරුදුකාරයෙක් වූ ඔහු මොහොතක් පමානොවී ගොදුර ඩැහැගත්තා.
එතෙකුත් නොයිවසිල්ලෙන් අවදිව කෙළින් වී සිටි විජයගේ ශිෂ්ණ දඩුව ඔහුගේ අත් දඩු ග්‍රහණයට පත්ව සිටි කුවණ්ණා නමැති ඒ ළමා යකින්නගේ කන්‍යාපටලය සිදුරු කරමින් කිදා බැස්සා ඇගේ යටි ගැබ තෙක්ම. ඇගේ කෑගෑමට ඇහුම්කන්දෙන්නට හෝ ඈ බේරාගන්නට ළමා යහලුවන් වත්, වෙනත් කිසිවෙකුත් සිටියේ නෑ ඒ වෙලාවේ වැල්ලේ.
බොහෝ වේලාවක් රමණයේ යෙදී සිටි විජය ශුක්‍ර පහ වීමෙන් ලත් සුවයෙන් ප්‍රමුදිතව ජයග්‍රාහී, එහෙත් නිවී සැනසි ලීලාවෙන් යුතුව එළියට ගත්තා සිය ශිෂ්ණය.
ඒ වන විටත් කුවණ්ණා සිටියේ පොරබැදීමෙන් වේදනාවට පත්ව සිහි මද තත්වයෙන් මුළුමනින් ම හෙම්බත් වී.
ලේ සහ ශුක්‍ර ද යෝනි රජස් ස්‍රාව ද තම්බපණ්ණි වැල්ලේ මුද්‍රා තබා තිබුණා, එක්වීමේ(කෙළෙසීමේ) සාක්ෂිය වශයෙන්.
වැල්ල වෙත අවුත් එසැණ එතැනින් පිටව ගිය කේලාම්කරුවෙක් සිය යක් රැහේ නායකයා වෙත පැමිණිලි කරනු ලැබුවා, නායකයාගේ දියණිය පිටත්තරයෙකු සමග වැල්ලේ නිදිවදිනු තමන් දුටු බවට.
වහාම එය සනිටුහන් කරගැනීමට පිටත් කර යැවූ සිය අතවැසියන් නායකයාට සනිටුහන් කළේ එය සැබෑවක් වන බවත්. රමණ හබය නිමා කළ දෙදෙනා දැන් වැල්ලේ නිරුවතින් බුදියාන, පශ්චාත් රමණ විවේක සුව නිද්‍රාවේ පසුවන බව ය.
කළින් අවදි වූ විජය, වැල්ලටම දිය ගෙනවුත් මුව පිරිමැද අවදි කරවූවා අභිනවයෙන් ගැහැණියක බවට පත්ව සිටි කුවණ්ණා යක් කෙල්ලව.
මුලින් ම කුවණ්ණා කළේ ඔහු වෙතින් ලද දියෙන් උගුර කට තෙමාගැනීම.
ඇගේ උගුර කෑ ගැසීමෙන් තුවාල වී තිබුණා.
(ඉතිරිය ඊළගට.....කුවණ්ණා පුරාණය - දෙවන කොටසින්)

Wednesday, April 25, 2012
සෙවණැලි අත් හළ මිනිස්සු
ආලෝකය ඇති කිසියම් තැනක අප විසින් මඟහැර නොයනු ඇත්තේ සෙවණැල්ලයි. මිතුරා මිතුරිය ද, පෙම්බරයා පෙම්බරිය ද, සහෝදරිය සහෝදරයා ද, මව ද පියා ද අවස්ථාව ආ කළ අප විසින් අතහැරේ.
එහෙත් සෙවණැල්ල අතහැර නොයනු හැක. එය පවතින්නේ අප වෙතම ය.
හෘද සාක්ෂියක් උහුට තිබුණා ද?
හෘද සාක්ෂියක් තබා සෙවණැල්ලක් වත් තිබුණා ද?
සෙවණැල්ලක් මෙන්ම හෘද සාක්ෂියක් ද අයත්ව තිබූ උහු නිකම් ම නිකන් හුඹහක් වූයේ, කැමති නයෙකුට රිංගා ගත හැකි තරම් විෂට විවර වී.
අතුරුදන්ව කිසිදු තොරතුරක් නැතිව සිටින ගෝල්ඩ්ස්ටීන්ලා ට සමහරවිට හෘද සාක්ෂියක් තිබුණා ද? උහු පක්ෂපාතී වූයේ පක්ෂයට නොවේ නම් 2+2=4 යන සරල සත්‍යයට ද?
වින්ස්ටන්ලාට අහිමිවූයේ හෘද සාක්ෂිය පමණක් නොවේ. සෙවණැල්ල ද අහිමි වූයේ, සිරුරේ සියලු ජීවී සාරයන් මිරිකාහැරියේ 'පක්ෂයෙන්' ම පමණක් නොවේ, විකල්පය විසින් ද උහු ගෙන ගියේ කම් පලක් නැති උතෝපියාවට ම නම්....සමස්ත ධෛර්යය ද වීර්යය ද ආශාවන් සහ ජීවිතය කැප ගත්තේ ඒ වෙනුවෙන් නම්, උහු උන් විසින් මංකොල්ලා නොකෑවා ද?
හැර ගිය ගෝල්ඩ්ස්ටීන්ලා ගැන සොයාපල්ලා.... සමහර විට උහු වින්ස්ටන්ලා ට හමුනොවූ විමුක්තිය සොයාගත්තා විය හැක.
ඒත් සමහර විට දළ රළේ ගසා ගිය උහු දකුණු ඉවුරේ කණ්ඩියේ රැදෙන්නට ඇත.
යළි හැරී අවුදින් වින්ස්ටන් ලා සමඟ ම වසනවා විය හැක.
නමුත් විමුක්තිය හමුවුණේ කාට ද? කොතැන ද?
කොහේ දී හරි නැති වූ හෘද සාක්ෂිය සහ සෙවණැල්ල සොයාපන්න.
(ගෝල්ඩ්ස්ටීන්ලා සහ වින්ස්ටන්ලා අපට හමුවන්නේ 1984 දී.... එමෙන් ම 2012 දී.... හැමදාම හැමතැනම)

Monday, April 23, 2012
අප්‍රේල් වැහි සහ ඇස් තෙමන මතක
නිවාඩුව ඉවරවී දරු පැටව් පාසල් ගිහින්....
සෙල්ලම් පිට්ටනිය පාළුවේ තනි වී...
නගරයේ මං මාවත් යට කරගෙන
කුණු කාණු උතුරලා.
පැටව් ඉස්කෝලෙ ඇරිල ආවෙ සපත්තු තෙමාගෙන...
ගවුම් කලිසම් වල මඩ වතුර ඉහගෙන.
ගෙවී යන්නේ අප්‍රේල් මාසයේ අවසන් දවස්.
වැහි බර අදුරු දවස්.
කුලී ගෙදර කාමරේ වහලයේ හිල් වුණු තැන් වලින්
වැහි වතුර වැටි වැටී කාමරය තෙමනවා.
පරණ ක්වාටර්ස් එකක ගෙවුණු අපේ ළමාවියේ
එක්තරා අවුරුදු කිහිපයක් මතක් වී
නෙත් කෙවෙණි කදුලින් තෙමනවා.
මගේ සුදු මල්ලී...
කොහේ හරි ඉදන් ඔයා මේ සටහන දකිනවා නම්....
කියන්න මට-
ඔයාට මතක ද ඒ දවස්...
වැස්ස, ළමයින් සහ කාමරයට වැස්ස වැටීම යන කාරණා තුනම හේතු කරගෙන
මට මේ මොහොතෙ මතක් වෙන්නෙ ඒ දවස්....ඒ ගෙදර....ඒ කාලෙ
අප්‍රේල් අවසන් වන විට රත්නපුරේට මහ වැහි වැස්සා - මේ වාගෙම
නිවාඩුවෙ අපිත් සෙල්ලම් කළා ඇතිවෙන්න -
සියඹල ගහ යටටයි ළමයි එකතු උණේ සෙල්ලම් කරන්න
ඒ ක්වාටර්ස් එකේ පැරණි උළු වහලෙ
තැනින් තැන තෙමුණා - දැන් මං ඉන්න ගෙදර - මේ කාමරේ වාගෙම
වෙනසකට ඇත්තේ අද අපි දෙන්න එක තැනක නැති එක...
අපිට තිබුණේ පුංචි කාමරයක්....
වහින වෙලාවට කණ් වසා තොප්පි ඇදගෙන
ඇද උඩට වී...පොරෝනාවේ ගුලිවී...අපි හිටියෙ තුරුළු වී..
එකිනෙකාගේ උණුහුමේ.
කාණුව වතුරින් පිරුණාම
කඩදාසි බෝට්ටු පා කර යැව්වේ මම
අවතැන් වන කූඹින් ඒවාට ගොඩවනු දැක,
උන්ගේ කෑම සදහා ඒවාට සීනි සහ බත් ඇට දැමුවේ ඔබ.
තව තවත් මතක් වෙනවා...
වැස්සට කිසිදු සම්බන්ධයක් නැති - ඒත් ඒ ගෙදරට
අපේ ළමා වියට සම්බන්ධ
වෙන වෙනත් දේ...
එහේ හිටියා නොයෙක් වර්ගයේ සමනල්ලු...
ඔයාට මතක ද අපි උන් ව නම් කළා...
වැඩියෙන්ම හිටියෙ 'සරත්' යනුවෙන් නම් කළ වර්ගය.
කළු පාට පියාපත් වල කහ පාට තිත් ඇති විශේෂය.
සමනල්ලු ආවෙ තාප්පෙ ළග තිබුණු සේපාලිකා ගහට
සේපාලිකා මල් රොනට
සේපාලිකා ගහේ හැමදාම මල් පිපුණා...
ඔයයි මමයි ඒ මල්, වට්ටි වල පුරවගෙන
ක්වාටස් එක සහ කාර්යාලය වටේ පෙරහැරක් යනවා - 'සාදු සාදු බුදු පෙරහැර...' කිය කිය
කාර්යාලය ඉදිරිපිට විශාල තාප්පෙ දිගේ අපි ඇවිද්දා, අම්මට හොරෙන්
ඒක අපේ චීන තාප්පය.
දවසක් ඔයා ඒ තාප්පෙන් පහළට වැටුණා...
තවත් දවසක මමත් වැටුණා....
ඒ තාප්පෙට නුදුරින් තිබුණා කොඩි ගසක්අපි ඒ කොඩි ගහ අතින් අල්ලගෙන කලන්තෙ හැදෙන තුරු කරකැවෙනවා...
ඒ දවස් වල - තාත්තා හිටියෙ නෑ ඒ ගෙදර
ඔයාට ඇහිල තියනවද, ඒ රාත්‍රී වල රහසේ අම්ම අඩනව
අපි දෙන්නා දෙපැත්තෙ තියාගෙන අම්මයි මමයි ඔයයි දොයියගත්තෙ එකට.
''අම්මා මගෙ පැත්තට හැරෙන්න'' කියල ඔයා කියනව...
එතකොටම මමත් කියනව ''අම්මා මගෙ පැත්තට හැරෙන්න'' කියල
අම්ම උඩු බැලි අතට ඉන්නවා,
දෙන්නවම දෙපැත්තෙන් තුරුළු කරගෙන.
මහ රෑ අම්ම අඩනව
හීනෙන් හීනෙන් වගේ...
තාමත්
මේ දැනුත්
මට ඇහෙනව
ඔයා එතකොට පුංචිම පුංචියි
මම ටිකක් ලොකුයි
අම්ම හරි තරුණයි
දැන් දෙන්නම ලොකුයි.
සමහර විට ඔයා මටත් වඩා ලොකු ඇති.
අම්ම දැන් වයසයි
සමහරවිට
අම්ම තාමත් රෑට හීනෙන් අඩනව ඇති
අපි දෙන්න තුරුල්ලේ නැති දුකට
ගෙවී යන්නේ අප්‍රේල් මාසයේ අවසන් දවස්.
වැහි බර අදුරු දවස්.
මේ වහින්නේ
අම්මාගෙ කදුළු නම්....
මේ අදුර
අම්මාගෙ හිත වසා ගත් දුක නම්....
ඔන්න දැන්
විදුලිය කොටන්නේ
මගෙ හිතේ.
Sunday, April 22, 2012
පළමුව ඒ පාතාල කරුවන්/මත් කුඩු ජාවාරම්කරුවන් වෙනුවෙනි - දෙවනුව මා වෙනුවෙනි.
මද උණ ගතියකින් සියොලග ඔද ගැනී තිබියදීය මා ඊයේ නින්දට ගියේ. රාත්‍රියේ එක්වනම අවදිවූයේ විකාර සිහිනයක් අතරතුරදී කවුරුන් නමුත් නිවසේ පිටුපස දොරට තඩිබාන හඩක් ඇසීමෙනි. සමහරවිට මැ පැහැරගන්නට පොලිසිය පැමිණ ඇත. එහෙත් මා ජීවත් වන්නේ අසූනවයේ නොවේ. මේ 2012 බව නිශ්චිතය. ඔව් ඒ නිසා...මේ 2012 නිසා මා බිය විය යුතුය.
මේ 2012 දී ඔවුහු අප පැහැරගැනීමට 'සුදු වෑන්' එවමින් සිටින නිසා. සමහර අය වාශ්පීකරණය කරනු ලැබ ඇති නිසා. රාජ්‍ය ඔත්තු සේවාවන් ද, පොලිසිය ද, හමුදාව ද, නාදුනන තුවක්කුකරුවන් ද නගරය අරක්ගෙන සිටි නිසා. නාදුනන මළ සිරුරු නගරයේ කුණු ඇලවල් වල දී හමුවන නිසා.
ඊයේ ද තිහාරියේ මහ පාරේ පිළිස්සුණු තරුණියකගේ මළ සිරුරක් තිබිණි. මා ජීවත් වන වනාතමුල්ලේ යාබද වත්තකින් පිරිමි 33 දෙනෙක් 'පොලිසියෙන්' පැහැරගනු ලැබ තිබුණේ ද ඊයේ. මේ සතියේම මුල් දවසක මානව හිමිකම් නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවෙකු වාද්දුව පොලිසියට රැගෙන ගොස් වධ දී මරා දමනු ලැබීය.
ඉතින් අපේ ගෙදර පිටුපස දොරට තඩිබාන්නේ පොලිසියෙන් විය නොහැකි ද? අල්ලපු වත්ත, එනම් ටී.20 වත්ත පීරා 33 දෙනෙකු පැහැරගෙන ගිය පොලිසිය දැන් අපේ ලේන් එකට පැන ඇතිවාට සැක නැත. මා අවදිවන්නේ මරණ බියෙන් තැතී ගැනී. උණ සහ බය නිසා දහඩියෙන් තෙත් වී...
මා අවදිවන විට, ඒ වන විටත් අවදිවී සිටි ඔහු සිටියේ කුස්සියේ දොර ලග. සද්දය කුමක් දැයි විමසමින් සිටි ඔහු කාමරයට පැමිණ කීවේ ''ඒ කලවැද්දෙක්...'' කියා.
මොනතරම් අපූරු සමාන කමක් ද? මා සිතුවේ පොලිසිය කියා. ඇත්තටම සිටියේ කලවැද්දෙක්. පොලිසිය වුවත් කලවැද්දා වුවත් හැසිරෙන්නේ එකම ආකාරයටය.කලවැද්දාට ඇත්තේ කැලේ නීතිය. පොලිසියට ඇත්තේ ද කැලෑ නීතිය.
වෙනසකට ඇත්තේපොලිසිය සන්නද්ධව සිටීම සහ කලවැද්දන් සන්නද්ධව නොසිටීම පමණි.
ඊයේ(21) බොරැල්ල - ටී.20 වත්තට කඩා වැදුණු පොලිස් විශේෂ විමසුම් ඒකකයක් විසින් එම වත්තේ පදිංචි පිරිමි 33 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, ඊයේ සවස් වන විට බොරැල්ල - දෙමටගොඩ ප්‍රදේශයේ බේස්ලයින් පාර ද අවහිර කරමින් ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වී සිටියහ.
එම ප්‍රදේශවාසීන් මා සමග පැවසුවේ අද පාන්දර 5 ට පමණ පොලිස් කණ්ඩායමක් වත්තට කඩා වැදී, තම දරුවන්, සැමියන්, සහෝදරයින්, අසල්වැසියන් පැහැරගෙන ගිය බවයි. පොලිසිය පවසා ඇත්තේ ප්‍රශ්න කර වරදකරුවන් නොවන අය නැවත නිවෙස් වෙත එවන බවයි. එහෙත් ඊයේ රාත්‍රිය වනතුරුත් ඔවුන් කිසිවෙකුත් මුදා නොහැරි බැවින් තමන් සිදුවූ 'අයුක්තියට' එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කරන බව ඔවුන් මට පැවසුවා.
පොලිසිය පවසන්නේ 'මත් ද්‍රව්‍ය' ඇතුළු චෝදනා රැසක් සහ 'පාතාල' සබදතා පවත්වන බවට ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
පළමුව මා මේ සටහන ලියන්නේ මගේ අසල්වැසි 'පාතාල කාරයා' සහ 'මත්කුඩු ජාවාරම්කරුවා' ද, ඒ අතරතුර ඊට කිසිදු සම්බන්දයක් නොමැතිව 'හුදු සැක' මත රැගෙන ගිය තරුණයා ද, පිරිමියා ද වෙනුවෙනි. මේ සියලු දෙනා නීතිය ඉදිරිපිට සමානයෝ විය යුතුය. වරදකරුවන්ට දඩුවම් කරන නෛතික පිළිවෙතක් අපරාධ නිති සංග්‍රයේ ඇත. මේ පාතාලකරුවාද, මත්කුඩු වෙළෙන්දා ද මිනිසුන් වන නිසා සහ පුරවැසියන් වන නිසා ඔහුට හිමි විය යුතු අයිතිවාසිකම් තිබෙන බව අමතක නොකළ යුතුය.
දෙවනුව මා මේ ලියන්නේ මා වෙනුවෙනි.
ඊළගට නොවේ නම් ඊළගට...ඊළගට....ඊළගට....ඔවුන් කුදලාගෙන යන්නේ මා.
නිමොලාර් සහෝදරය උඹ කිවු දේ හරි....මට ඒ අනතුර දැනටමත් දැනෙනවා.....බියකරු සිහින දකින්නේ ඒ නිසා.....මා සිරුර දහඩියෙන් තෙත් වී ඇත්තේ ඒ නිසා.

Thursday, April 19, 2012
නොකියවීමේ පුරුද්ද
ඔහු මා වෙත එල්ල කළ බලවත් චෝදනාවක් නිසාවෙන් ඊයේ රාත්‍රියේ මට බෙහෙවින්ම ලජ්ජා සිතුනා යැයි කීවොතින් හරි.
ඔහු කිව්වේ මෙපමණයි...''කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න...ඔයා කියවනව අඩුයි නේද දැන්...''
එය ඉතා බලවත් සත්‍යයකි. මම මතක් කරමින් නිදාගත්තේ රත්නපුර මහ පුස්තකාලයේ පමණටත් වඩා වැඩිහිටි පොත් අතරේ ගෙවුණු ළමා විය සිහිපත් කරමිනි.
බාල වියේ තිබූ පුරුදු අතරින් මා අහිමිකරගත් ඉතා හොදම වැදගත්ම පුරුද්ද නම් 'වැඩි වැඩියෙන් කියවීමේ' පුරුද්දයි.
ජනමාධ්‍ය විද්‍යාලයේ 'සම්පත් කාමරය' නොහොත් 'පුස්තකාලය' දක්වා ම, මම පොත් සමග වැඩි වැඩියෙන් ඇගෑළුම් කම් පැවැත්වූවා මතකය. ඒ පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියන් වූ සාවිත්‍රිට මෙන්ම ඇගෙන් පසු පැමිණි ගෲෂා ට මා වදයක් වී සිටියේ මා පුස්තකාලය අරක්ගෙන සිටි බැවිණි.
එහෙත් මා තෝරා ගත් රැකියාවේ(ජනමාධ්‍ය) එක්තරා කාලකණ්ණිකමක් සේ මට දැනෙන්නේ දේශපාලකයින්ගේ නොවැදගත් කතා, වැඩිමනත් බොරු දත්ත වාර්තා සහ අතොරක් නැති ඕපාදූප අසා සිටිමින් සහ කියවමින් ඒවාම නැවත ලියමින්, නොඑසේ නම් කාලයෙන් කාලයට මාරු වන ආණ්ඩු වල නොපනත් කම් සහ කෙළවරක් නොවන මහජන ප්‍රශ්න වාර්තා කරමින් සිටීමට ගත කරන කාලය විසින් අහිමි කරනු ලැබුවේ වැදගත් පොත පත කියවීමට තිබෙන 'කාලය'යි.
ඊට අමතරව මා සහභාගී වු 'ක්‍රම විරෝධීන්ගේ අල්ලාප සල්ලාපයන්' සහ 'විකල්ප වාම වාදී කතිකා කවයන්' තුළ ද, පසුව විමසා බලන විට තේරුමක් නැති යැයි හැගෙන අප කළ 'නිමක් සහ නමක් නැති වැඩ' නිසා ද අපතේ යවා තිබෙන්නේ, විවිධ විෂයන් සහ කතන්දර කියවීමට තිබූ කාලයයි. (අප ඒවායෙහිදී ද කියවූවා තමයි - ඒත් එක රාමුවකට කොටු වී....අපේ මත සාධාරනිකරණය කර ගැනීමට සාක්ෂි සෙවීමට සහ තරගයට මෙන් ඒ ඒ කාලයේ තරුව වන ලේඛකයාගේ පොත් පත්...පමණි.)
කණගාටු වී පළක් නැහැ. දැන් කියවිය යුතුයි. වඩාත් වේගයෙන්, අවුරුදු හයක විතර ඇරියස් එකකුත් තියන නිසා.
එක්තරා කියවීමේ මාසයක(ඔක්තෝබර්) දී, මා විසින් ලියූ යාඥාවක් එම මාසයේ පාසලේ උදෑසන යාඥාව සදහා තෝරා ගැනිණ. පේළි පහකින් ලියූ යාඥාවේ අවසන් පේළිය පමණි දැන් මතකයේ තිබෙන්නේ....
''දෙවියන් වහන්ස, මා පොත් පත් අතර සිර කර තබත්වා...! ආමේන්....!''

''ලොකු එකා-පොඩි එකා''
ඒ පැත්තෙන් තාමත් රස්සාවක් නැති ලොකු එකා... මේ පැත්තෙන් කටේ කිරි සුවද යන්නටත් කලියෙන් ගෑණියෙකුත් කරේ ගහගත් පොඩි එකා... උන් දෙන්නව ඔලුවට බරක් කරගෙන හැම තිස්සෙම අහස පොළොව ගැටලමින් ඉන්න කොල්ලො දෙන්නගෙ මහ එකා... මං ඉන්නෙ කොහිල කටු ගාලක, තම්බන්න මොනවත් හොය හොයා...
ලොකු එකා වැඩිමනත් කාලය ගෙවන්නෙ පුස්තකාලයේ නැත්නම් ඇතුලු ගෙයි උගේ කාමරේ. දැනුත් ඔය ඉන්නෙ පොතක් ගිලගෙන... හදල ළගටම ගෙනහුන් දුන්නු තේ කහට ඩිංගිත්තත් හීල් වෙනවා. පොඩි එකා මේ මහ දවාලෙත් අරකිත් එක්ක කාමරේ අගුලු දාගෙන, හුස්ම සද්දයක් ඉතරයි ඇහෙන්නෙ.
කොල්ලන්ගෙ තාත්ත දැං මග බලාගෙන ඇති කහට බොන්ඩ. යන්ඩ ඕනෑ විගහට හේන පැත්තට.
ගම් සබා පාර මගෑරගෙන මං දැන් වැඩිපුර යන්නෙ එන්නෙ කැලෑ පාරෙ, මිනිස්සු මුලිච්චි වෙනවට බයේ. උන් එක එක කතා කියනවා අනේ අසරණ අපි දෙන්නට... උස් මහත් වෙච්චි කොල්ලො දෙන්නෙක් ඉන්දැද්දි කැලේ කොලේ ගාට ගාටා පොළොවෙ හැපි හැපී තාමත් උන්නෙ බඩ කටවල් පුරෝනව කියල ගමේ උන් අපි දෙන්නට අනං මනං කියනව.
ලොකු එකා විස්ස විද්‍යාලෙට සමර්ත කරාපු දවස මගේ ඉහේ මලක් වැටුණ ගාණයි. කොයියම්ම එහෙකටවත් වැඩිය කතා නොකරන කොල්ලන්නෙ තාත්තත් එදා තමයි වැඩියෙම කතා බහ කරපු දවස. තන්තොසෙ මූණෙ පිරිල තිවුණා. ඒ අදින් අවුරුදු පහකට ඉතර එහා. විස්ස විද්‍යාලෙත් විභාගත් ඔක්කෝම ඉවර කරල ගෙදර ආපු ගමන කොල්ල තාමත් ගෙදරමයි.
පොඩි එකා අඩු කුලේ කෙල්ලකුත් අරං ගමෙන් පැනල ගිය දවස අපිට තරු වීසි වුණු දවස. එහේ මෙහේ හැංගි හැංගි ඉදල අන්තිමට ගෙදෙට්ටම පල්ලං වුණා. මාහිතේ ඒ කෙල්ල දැං බඩින්, මූණ සුදුමැලි කරල. මුණුපුරෙකුගෙ හුරතලයක් බලන්න නං බෝම හිතයි. ආසයි. ඒත් මේ වියදං එහෙම කොහොම වෙයිද මංද අද කාලෙ. ළමයෙක් ලොකුමහත් කරගන්න එක එච්චර ලේසි පාසු නෑ. ඒත් පොඩි එකාට තාම දැනුං තේරුං මදි. ඕකගෙ උගුරු දණ්ඩ කැඩුණෙත් ඊයෙ පෙරේද වගේනෙ.
''ලොකු එකා...පොඩි එකා....පොඩි එකා....ලොකු එකා...ලොකු එකා....පොඩි එකා.....ලොකු...පොඩි....''
හිතේ වෙන මොකවත්ම සද්දයක් නෑ....මන්තරයක් හේ මතක් වෙන්නෙම ලොකු එකා...පොඩි එකා....
අරුන්දැත් දැං කලියෙංටත් වඩා නිස්සද්දයි. ඉන්තේරුවටම උන්දැගෙ හිතෙත් ඇත්තෙ ඔය පදේම වෙන්ටැති.
ලොකු එකාට නං සල්ලියක් හොයන වගක්වත් නෑ වාගෙ. ඌත් එක්ක කතා කරල දිනන්නයැ. ඒ මදිවට මට වැඩියෙන් දැනෙන්නෙ දුක. ඌ කියල මොනව කරන්නද? රස්සාවලට ඉල්ලුං පත්තර දානව මිහක. මොකෝ ඔච්චරත් ඉගෙන ගෙන කුලියක් මලියක් කලෑකියැ.
පොඩි එකා නං ඔය මොන මොනවද කරනවා ටවුන් එකේ. එහාට මෙහාට යනවා. බිස්නස් කරනව කියලයි අහන එහෙකුට කියන්නෙ. මට නං ඕවා තේරෙන්නෙ නෑ.මට හිතෙන්නෙම ආං අර හේනෙ වැඩකට උදව් වෙලා, ඒ ගමන්ම පහළ වත්තෙ රබර් ටිකක් වත් දාන්න මහන්සි වුණොත් හොදා කියල. කවද හරි මේ දේවල් ඌටනෙ. ලොකු එකාට දැං තාම රස්සාවක් නැති වුණාට කවදාම හරි ආණ්ඩුවෙ රස්සාවක් නොලැබෙතෑ.
ඕන්න බොල මේ පෝයත් ලංවුණා නෙවෙද? මට හාං කවිසියක සිහියක් නෑ නෙව. හාමුදුරුවො කොහේද දානෙකට වඩිනව වෙන්ටැ ඇබිත්තයත් එක්ක. උන්නාන්සෙ දැකපු ගමනයි පෝය මතක් වුණෙත්. ඒ තියා පන්සල් ගියත් අහන බණ කතාවක්වත් මතක හිටින්නැති එකයි පුදුමෙ. ඇයි ඉතිං මුලු හිතේම තියෙන්නෙ එකම මන්තරේ 'ලොකු එකා...පොඩි එකා...' නෙව.
එක අතකට මේ අපි දෙන්න ලබා උපන් හැටි වෙන්ටැ. ඒ අතිං සිරියාවතී අක්කල අපිට වඩා පහුගිය ආත්ම වල පිං කරල ඇති. අපේ දරුවන්නෙ පළේම වෙච්චි සිරියාවතී අක්කගෙ දරු තුන් දෙනාම දැං හොද පෝසත්. සිරියා අක්ක සිල් ගන්න පන්සල් එන්නෙත් ලොකු පුතාගෙ කාරෙකේ නොවැ. දරුවො සල්ලි අතිං ඉතරක් නෙවෙයි ගුණ යහපත් කමෙනුත් පෝසත්. මේ පෝයට දං සීට්ටුව ගත්තෙත් ඒ ළමය නෙව. මටත් ආසයි පොඩි එකා ලවා හරි ඔය කාසි වාසියක් උණු වෙලාවකවත් පන්සලේ උපාසක දානයක් කරවන්ට. ඒත් කොහෙද ඌට ඕවයෙ විස්සාසයක් නෑ නෙව. කකා බිබී ජෝගි දානව මිහක. නිස්කාරනේ සල්ලි නාස්ති කරනව. අනිත් අතට අරකිත් එක්ක කාමරේට වැදිල වැදූ අම්මට වත් නොදී වයිවාරන්න කෑම ජාති කන එකේ උපාසක දානයක් දෙන්ට පිං ඇතුවාය?
හානේ...එක එක ඒව හිතේ පටෝගෙන යන එන කොට ගමනත් බාල වෙනවා. ඉර මුදුන් පාල විඩේට කලියෙං මදුලු ගලවාපු හෙරලිය ගෙඩිය තම්බගන්ඩත් තියෙනවා. ඕන්න අරුන්දැගෙ මූණත් නාක් වෙලා. මගෙ දෙයියට හොදටෝම තිබහ වෙලා වාගෙ. අනේ ඉතිං ඉස්සරිං නං උන්දැ ඔය හේන පැලේ මාත් උස්සාන නටපු කාලෙකුත් තිබුණා නෙව. දැං නං ඇගේ පතේ හැටි. බලන්න දුකයි. ඒ මදිවට හන්දිපත් අමාරුවනොවැ. උන්දැ හොදටෝම නාකි වෙලා. තිබහටම වෙන්ටැ ඔය හති ලන්නෙ.
ඕන්න දැං හේනෙ වැට පැන්නට පස්සෙං උන්දැ පේන කොට තමා මගේ පය ඉක්මන් වෙන්නෙ. දැං ඉතිං ආ පයිං ආපහු දුවන්ටත් එපාය. ඒත් ඉතිං උන්දැගෙ හෙවණෙ ටිකක් ඉන්ට ආසයි. අත්දෙක ඉඹින්ඩ ආසයි. තව ටිකකින් උන්දැ හීල් හෙවණෙ ඇල වුණාම පපුව ඩිංගිත්තක් අතගාන්ට ආසයි.....
ඕන්න ඉර මුදුන් වෙන්ට පටං ගත්ත. දුවන්ට ඕනෑ විගහට. දවල් කෑමට හෙරලිය තම්බලා, පොල් තලා දානවා. ලොකු එකා පොලුත් එක්ක හෙරලිය කන්ට ආස නෙව. පොඩි එකාට දුමේ හංගා තියෙන බල කෑල්ලක් වත් තෙල් දාල දෙන්ට ඕන. කරවල පුළුටක් නැතිව වේලක්වත් කන්නෙ නෑ නෙව.

Wednesday, April 18, 2012
ඒ කදුළේ වග........
කම්මුල් දිගේ
ගලන
බිම වැටී බොදවන....
කොහෙන්ද කොහෙන්ද මේ
දැක පුරුදු කදුළු...
වග වාසගම් පවා කියත හැකි
කදුළු....
මේ
අම්මාගේ ඇස් වලින්
පටන් ගත්
කදුළු....
තාත්තා
රෑට රෑට
වෙන ගෙදරක
වෙන ගැහැණියකගෙ
පැදුර පාගපු දවසෙ
අම්මගෙ ඇස් වලින් පටන් ගත්
කදුළු....
නැන්දම්මට දරුවෙකුත් දීල
කසාදෙ කුරුටු ගෑ මාමා
ළමිස්සියෙක් අරන් ගිය දවසෙ
නැන්දම්මගෙ
ඇහින් ගලපු කදුළු....
වැඩට යන බව කියා
ගෙදරින් පිටත්වන මස්සිනා
වැඩපොළේ ගෑණියෙක් එක්ක
වැල්ලවත්තෙ රූම් ගානෙ යන බව
දැනගත් දවසෙ
අක්කගෙ ඇහින් පැනපු කදුළු.....
මෙන්න
මෙන්න
දැන් මගේ ඇස් වල....
ගලන
බිම වැටී බොදවන....
කොහෙන්ද කොහෙන්ද මේ
දැක පුරුදු කදුළු...
වග වාසගම් පවා කියත හැකි
කදුළු....
මේ
අම්මාගේ ඇස් වලින්
පටන් ගත්
කදුළු....
තාත්තා
රෑට රෑට
වෙන ගෙදරක
වෙන ගැහැණියකගෙ
පැදුර පාගපු දවසෙ
අම්මගෙ ඇස් වලින් පටන් ගත්
කදුළු....
නැන්දම්මට දරුවෙකුත් දීල
කසාදෙ කුරුටු ගෑ මාමා
ළමිස්සියෙක් අරන් ගිය දවසෙ
නැන්දම්මගෙ
ඇහින් ගලපු කදුළු....
වැඩට යන බව කියා
ගෙදරින් පිටත්වන මස්සිනා
වැඩපොළේ ගෑණියෙක් එක්ක
වැල්ලවත්තෙ රූම් ගානෙ යන බව
දැනගත් දවසෙ
අක්කගෙ ඇහින් පැනපු කදුළු.....
මෙන්න
මෙන්න
දැන් මගේ ඇස් වල....
Tuesday, March 20, 2012
මොණර කුරුල්ලා......
මොණර කුරුල්ලා..
මොණර කුරුල්ලා....
හිතුමතේ ඉගිලෙන්නෙපා.
මත් මී සුවද...
මටත් දරාගෙන ඉන්න බැහැ
ෆ්‍රයිඩ් රයිස්- කොත්තු සුවද උහුලන්න බැහැ...
ඒත් ඉගිලෙන්නෙපා.
'සුදු මැණිකෙ' මතක් වුණත්
චොකලට් කේක් කෑල්ලක් ගන්න
බේකරියට පියඹන්නෙපා.
ඉගිල්ලිලා ඉගිල්ලිලා ඉගිල්ලිලා ගිහින්
ලැක්ටෝජන් කිරිපැකට්ටුවක වහපං.
රතු කැකුළු සෙරිලැක් පැකැට්ටුවක වහපං.
හා..
දැන් ඉතිං ඉගිලියන්.
ඔය තියෙන්නෙ තොග කඩේ..
අන්න අතන ලැක්ටෝජන්.
මෙන්න මෙතන සෙරිලැක්.

Saturday, March 17, 2012
ආයෙමත් වතාවක්........
තොටිල්ලක්
රන් තොටිල්ලක්
මල් ඔන්චිල්ලාවක්.....
සූප්පුවක්
කිරි බෝතලයක්
නැපියක්.....
කිරි සුවදක්
කිරි සුවදක්
කිරි සුවදක්
ලේ සුවදක්.....
කරකැවිල්ලක්
වමනයක්
ඔක්කාරයක්.....
රන් තොටිල්ලක්
මල් ඔන්චිල්ලාවක්.....
සූප්පුවක්
කිරි බෝතලයක්
නැපියක්.....
කිරි සුවදක්
කිරි සුවදක්
කිරි සුවදක්
ලේ සුවදක්.....
කරකැවිල්ලක්
වමනයක්
ඔක්කාරයක්.....
Wednesday, March 14, 2012
සුදු (කෙටි කරපු කතාවක්)
පාන්දර පහට මම අවදි වුණා, තාමත් ඔහු මට තුරුලු වී නිදන්නට සැරසෙමින් සිටිද්දී....ඔහු නින්දට එන විට පාන්දර හතරට විතර ඇති....තාමත් ඔහු වෙත නින්ද ඇවිත් නැහැ.
මගේ බද වටා වැටී ඇති ඔහුගේ ලියන අත මා'තින් සෙමෙන් සෙමෙන් එසැවේ....එසැවී සුදු කොට්ටය මත තැබේ...මම ඔහු නළලතෙහි හාදුවක් තබමි.ක්‍රමක්‍රමයෙන් සුදුපාටට හැරෙමින් යන ඔහුගේ කෙටි කෙස් වැදීමෙන් මගේ නාසය කිති කැවේ...කලු පාට පරයමින් නැගී නැගී එන සුදු පාට රැවුල් ගස් ඔහුගේ මුහුණෙහි දකිමි.
ඉතින් තවත් ඔහු වෙත තුරුලුව ඉන්නට මට ඉඩ ලැබෙන්නේ නැත.
මම කුස්සියට යමි. සුදු පාට පිඟන් ගඩොලු ඇතිරූ පැන්ට්‍රිය මත දී උදේ සහ දහවල සදහා ඔහුගේ, මගේ සහ දරුවන්ගේ ආහාර සකසමි.
නිවසේ ඉදිරි දොර හරිමි. සුදු පාට ඇදගත් අපගේ දරුවන් සුදු පාට ඇදගත් අනෙක් දරුවන් ද සමඟ එකට, එක පේළියට පාසල් යනු දකිමි.
නැවත ගෙට එමි. දහසක් සිහින අතරේ නින්දෙහි කිමිදී සිටින ඔහු දකිමි. ඇද මත සුදු පාට ඇතිරිල්ලේ ඔහුට තුරුලු වී වැතිරෙමි.....ඔහු තද නින්දේ- ඇහැරවන්නට, කිතිකවන්නට, වැළදගන්නට, නිදි බිදින්නට සිත් නොදේ.
ඔහු වැඩකරමින් සිටි පරිගණකය තවමත් අවදියෙනි. ඔහුගේ විද්‍යුත් තැපෑල ද වසා දමා නැත. රෑ තිස්සේ නිදි මරාගෙන ලියූ ලිපිය විද්‍යුත් තැපෑලට දැමූ සැණින් ඔහු නිදන්නට යන්න ඇත.....මම පරිගණකය නිවමි.
කොස්ස ගෙන සුදු පාට ටයිල් පොළොව අමදිමි. නාන කාමරයේ සුදු පාට බිම ද, සුදු පාට වැසිකිලි-කැසිකිලි-බේසම් ද සෝදා පිරිසිදු කරමි.
ඔහුගේ උදෑසන කෑම වේල සුදු පාට පිඟානකට බෙදමි...සුදු පාට ලොකු ජොග්ගුව තේ වලින් පුරවමි. ඉතින් ඔහු අවදි කරමි.
මුහුණ කට සෝදාගෙන, කෑම කා අවසන ඔහු දැන් තේ බොයි.
''මගේ සුදු ෂර්ට් එක අයන් කරන්න...'' ඔහු කියයි.
මම ඔහුගේ සුදුපාට අත්දිග කමිසය ද, සුදු පාට යට බැනියම ද, සුදු පාට ලේන්සුව ද මැද දෙමි.
සුදු පාට කමිසය ඇද, එය කලු කලිසමට යට කර, සුදු පාට මේස් දමා, කලු සපත්තු ඇදගෙන, කලුපාට ෆයිල් කවරයෙහි සුදු පාට කොල ගොඩක් පුරවාගෙන එය සුදු පාට රෙදි බෑගයේ දමාගෙන දැන් ඔහු සැරසෙන්නේ.... යන්න..!
ඔහු මගේ නළල සිඹ පිටව යද්දී මම අසමි- '' අදවත් කලින් එනවද..? ''
උත්තරයක් නොදී ටිකවේලාවක් මා දෙස බලා සිට ඔහු පිටව යයි.
පහුගිය හැමදාම ඔහු ආවේ ප්‍රමාද වී....ආපු වෙලාවේ ඉදන් පරිගණකය වෙත වාඩි වී ලිව්වා...ලිව්වා...ලිව්වා...
රෑ වෙන කොට එයාගෙ යාලුවන් සහ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ගෙදරට කෝල් කරමින් ඔහු ආවද කිය කියා ඇහුවා...මම කිව්වා නෑ කියලා...පැය කිහිපයක් තිස්සේ ඔහුගේ ජංගම දුරකතනය ද නිදි වැදී...
ඊට පස්සේ මං ගියා පොලිසි.
''අපි දෙන්න හවස පත්තර කන්තෝරුවෙ ප්‍රෙස් ක්ලබ් එකේ දි පොඩියට සෙට් වුණා... ඊට පස්සෙ හවස හය හමාරට විතර බස් හෝල්ට් එකට යමින් ඉන්දැද්දි අපි දෙන්නවම ඉස්සුවා...උන් මූණු වල කලුපාට රෙදි ඔතාගෙන හිටියේ. පාරවල් කිහිපයක ගිහින් අන්තිමේදි මාව විතරක් මඟ දාල එයාව අරගෙන ගියා ප්‍රශ්න කරන්න කියල....''
එයාගෙ යාලුවෙක් පොලිසියට ඒ වගේ කට උත්තරයක් දීල තිබුණා.
ඒක සුදු වෑන් එකක් ලු.
එදා ඉදන් මාත් අදින්නෙ සුදු.
(බොරැල්ලේ දහවලකදී උග්‍ර පිපාසාවක් දැනී සන්ධ්‍යා එක්නැලිගොඩ සමඟ කඩේකට ගොඩ වැදී, හීතල බීම වර්ගයක් බොමින් සිටියදී හිතේ ලියැවුණු කතාවක්)

Thursday, March 1, 2012
ජිනීවා යන්න කීයක් විතර සල්ලි ඕන ද?
සැරව ගලන තුවාලවලින් යුතු
දෙපයින්...
දෙපයින්
බයිසිකලයෙන්
බෝට්ටුවෙන්
බසයෙන් ආමි...
ආමි මහත්තුරුන්ගෙන්
පාර අසාගෙන...
අසාගෙන
කොල කෑල්ලක ලියාගෙන...
ලියාගෙන යන්ට ආ
අපේ දුක
හොයාගෙන හොයාගෙන ආවා
කොමිසම
කොමිසම
රැස්වුණා කිලිනොච්චියේ
දවස් දෙක තුනක් පොරකා
හමුදාවෙන් බැණුම් අසා
ආපහු ගියා
ගියා
කට උත්තරේ ගිලගෙන
ගිලගෙන
ගිලගෙන
යනකොට
ආයෙමත්
ආයෙමත්
රැස්වෙලා කමිටුවක්
කමිටුවක්
මූදු හතකින් එහා
මූදු හතකින් එහා
ජිනීවා යන පාර කියන්
මට
මට තියනවා දෙන්න
කට උත්තරයක්...
උත්තරයක් නැති
ප්‍රශ්න ගොඩක් තියනවා....
දෙපයින්...
දෙපයින්
බයිසිකලයෙන්
බෝට්ටුවෙන්
බසයෙන් ආමි...
ආමි මහත්තුරුන්ගෙන්
පාර අසාගෙන...
අසාගෙන
කොල කෑල්ලක ලියාගෙන...
ලියාගෙන යන්ට ආ
අපේ දුක
හොයාගෙන හොයාගෙන ආවා
කොමිසම
කොමිසම
රැස්වුණා කිලිනොච්චියේ
දවස් දෙක තුනක් පොරකා
හමුදාවෙන් බැණුම් අසා
ආපහු ගියා
ගියා
කට උත්තරේ ගිලගෙන
ගිලගෙන
ගිලගෙන
යනකොට
ආයෙමත්
ආයෙමත්
රැස්වෙලා කමිටුවක්
කමිටුවක්
මූදු හතකින් එහා
මූදු හතකින් එහා
ජිනීවා යන පාර කියන්
මට
මට තියනවා දෙන්න
කට උත්තරයක්...
උත්තරයක් නැති
ප්‍රශ්න ගොඩක් තියනවා....
ඇගෙ නමත් කුවන්ණී- සතරවන සැහැල්ල
තවත්
කලුවර රාත්‍රියක් උදා වී....
ඈ පසුකරමින් සිටින්නී ඒ කලුවර රාත්‍රියේ
පළමු පැය කිහිපය යි....
කලුවර රාත්‍රීන් ගණනාවකට පසු ත්,
උදා නොවන සඳ පහන් රාත්‍රියකට පෙරුම්පුරන්නී....
අදත්....මේ අලුත් කලුවර රාත්‍රියේ ත් හිස් අහස ....
කඳුලින් පෙඟුනු නෙතින් පිරික්සන්නී......
සඳ නොදකින්නී.....
එකදු තරුවක් නොලද්දී...
සිත කය වේදනාවන්
සියතින් ම පිරිමදින්නී....
සිඟිති දියණිය
ලදලු තොල් මත
කඳුලු තවරා තෙමන්නී......
ජීවිතය, ආදරය, රැකවරණය, සැනසීම, විවාහය, රැකියාව, යාන වාහන, රත්තරන්,
ගෙවල් දොරවල්
ඈ සියල්
අමු තිත්ත කුණුහරුපයක් යැයි කියන්නී....
ඇග නමත් කුවන්ණී....

Wednesday, February 29, 2012
තුන්වන සැහැල්ල
වාට්ටු කොරිඩෝවක ට්‍රොලියක වැතිර සිටියදී....දත් ගැලවී....ලේ පිරුණු මුවින් යුතුව මා'තින් පොඩිකෙරුණු කෙසෙල්ගෙඩි කෑ ඒ 'ළමා ගැහැණිය' අදත් මගේ මතකයෙහි වද දෙමින් ජීවත්ව සිටී....
අවුරුදු දාහතරක පමණ කිලිටි ගණිකාවක්....නහයෙන් කටින් ලේ පෙරාගෙන මහපාරේ වැටී සිටිය දී ත්‍රීවීලර්කාරයෙකු විසින් රෝහලට ඇතුළත් කරන ලද රෝගියෙක්....හෙදියන්, දොස්තරවරියන්, සාත්තු සේවිකාවන්, අනෙක් රෝගී කාන්තාවන් සහ ඒ රෝගී කාන්තාවන්ට උපකාර කිරීමට නැවතී සිටින කාන්තාවන් යන සමස්ත කාන්තා වාට්ටු ප්‍රජාවම විසින් පිළිකුල් කරනු ලැබූ ගැහැණියක්.....
''මගෙ බඩේ දරුවෙක් ඉන්නවා...අනේ මට බඩගිනියි...මට කන්න දී...ප...න්...'' යි කියමින් බාල සඳක් සේ මෝදුවෙමින් එන කුස පිරිමදිමින් කෑ ගහන ගැහැණියක්....ළමා අම්මා කෙනෙක්?
''කෑමයි, බෙහෙතුයි ඕන නම් සේලයින් වතුරෙන් නාගෙන එන්න...පාරවල් වල එක එකා එක්ක බුදියන ඔයාට මොන මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ...?'' කියන සුදු හැඳගත් පත්තිනි කුලයේ හෙදියන්....
දරුවන් වදන ගැහැණුන්ගෙන්, දූවරුන් සිටින අම්මාවරුන්ගෙන් 'හෘද සාක්ෂිය' ප්‍රශ්න නොකළෙමි....
එහෙත් වේසාවක් වුව ද ඇයත් සීනි ඇටයේ, හාල් ඇටයේ පටන්, අප මෙන් ම බදුගෙවන මේ රටේ පුරවැසියෙක් බවත්, ලෙඩක් අනතුරක් වී රෝහල් ගත වන අනෙක් හැම මිනිහෙකුට ගැහැණියකට වගේ ම 'නිදහස් සෞඛ්‍ය සේවය' ලැබීමට 'අයිතියක්' ඇයට ත් ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයට පැවසුවෙමි....
''එහෙමයි කියල ඒ ජරා ගෑනිට ලං වෙලා ලෙඩ බෝ කරගන්නද කියන්නෙ...?'' ඔවුන් මගෙන් ඇසුවා...
ඒඩ්ස් රෝගීන්, තවත් ලිංගික රෝගීන් පවා රෝහල් ගතව සාත්තු සප්පායම් ලබන බවත්, ලැබිය යුත්තන් බවත්, ඔවුන් ඒ සියලු ආකාරයේ රෝගීන්ට සාත්තු කිරීමට රාජකාරියෙන් බැඳී සිටින බවත්, එවැනි ලිංගික රෝග සුළගින් හෝ රෝගියා අතපත ගෑමෙන් බෝ නොවන බවට වන විද්‍යාත්මක සත්‍යයන් පවා අමතකව ගොස් සිටි ඒ වෛද්‍යවරිය සහ හෙදියන් ද සාත්තු සේවිකාවන් ද සිය සමස්ත හැසිරීම් ''පත්තිනි කුල සදාචාරයට'' යටත්කර තිබිණි..... රෝගියෙකුට බෙහෙත් කරන 'හිපොක්‍රටිස් කුල සදාචාරය' සහ රෝගීන්ට සාත්තුකරන 'නයිටිංගේල් කුල සදාචාරය' ඒ වෛද්‍යවරිය සහ හෙදියන් වෙතින් පළ නොවිණ...
(2011.අගෝස්තු.16 රාත්‍රියේ රත්නපුර මහ රෝහලේ 13 වැනි වාට්ටුවේ දී සිදුවූ සත්‍ය සිදුවීමකින් කුවේණිය හද කම්පා වීමෙන් ලියැවුණ සැහැල්ල...)

අතේ සල්ලි නැතුව.....
20 වැනිදා ඉදන් අන්ත අසරණයි අතේ සල්ලි නැතුව....25 වැනිදා වෙන තුරු දත කා ගෙන හිටියා....වේලෙන් වේලට කොහොම හරි කොහොම හරි වියදම විතරක් හොයාගත්තා.....25 වැනිදා මාසික දීමනාව ලැබෙන තුරු ඇඟිලි ගැන ගැන හිටියා....ඒත් සල්ලි වෙනුවට ලැබුණේ කලකිරීමක් විතරයි...
මම මේ දවස් වල විකල්ප පුවත් සඟරාවකට ලියනවා....අයුක්තිය, අසාධාරණය, අයහපතට එරෙහිව ලිපි ලියන විකල්ප මාධ්‍යවේදීන් පිරිසක් සමඟ වැඩකරන එකම ගැහැණිය මම....අපි හැමෝම වෙනුවෙන් එක්කෙනෙනකුගේ ගිණුමට කලෙක්ෂන් එකක සල්ලි වැටෙන්නෙ.....අයුක්තියට අසාධාරණයට විරුද්ධව ආණ්ඩුවට නිතරමයුදධ ප්‍රකාශ කරන ඒ තරුණ මාධ්‍යවේදියා තමන්ගෙ සහෝදර මාධ්‍යවේදිනියට හිමි මුදල දැන් දවස් හතරක් තිස්සේ ප්‍රමාද කරනවා....හැම මාසෙම දවස් දෙක තුන ප්‍රමාද කරනවා....මේ වතාවෙ කෝල් එකක් වත් නොදී අසාධාරන අයුක්ති සහගත ලෙස මඟහරිමින් සිටිනවා...
අන්තිම වේල් දෙක උයන්න කඩෙන් ණයට බඩු ගත්තා...කැටේ කඩල අතට ගත්තු රුපියල් 160 ක් විතරයි දැන් අතට ඉතුරු....තඩේ ණය පියවන්නත් තියෙනවා....

Monday, February 27, 2012
ඇතුළත ගිනි, පිට ගිනි හා වමනය
ලංකාව කියන්නෙ මාසෙකට තුන් හතර පස් වතාවක්....සමහර විට ඊටත් වැඩි වතාවක් උද්ඝෝෂණ පැවැත්වෙන රටක්...කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුමේ විරෝධතා පුවරු එසවෙන ඒ දවස් වලට පොලීසියට වැඩ වැඩි වෙනවා....ළඟක දි ඉඳන් හමුදාවටත් වැඩ වැඩිවෙනවා....දණ බිම ඇණගෙන වෙඩි තියල විරෝධතාකරුවන්ව මරන්න පවා සිදුවෙලා තියෙනවා...විශ්ව විද්‍යාල වලට කඩා පැන විරු සිසු ස්මාර්ක වලට බෝම්බ ගසන්න පවා...සිදුවෙලා...
මේ බොහෝ උද්ඝෝෂණ වලට වැඩි පිරිසක් සහභාගි වෙන්නෙත් නැහැ. ඒත් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ පක්ෂ මගින් කරනු ලබන උද්ඝෝෂණ වලට නම් සැලකිය යුතු පිරිස් සහභාගි වනවා...පිරිස් සහභාගීත්වය කොහොම වුණත්, 'මහජන පීඩාව' පදනම් කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමටත් ප්‍රථම ඒවා වළක්වන්න අධිකරණ නියෝග ගන්න පොලිසිය නොපැකිළ කටයුතු කරනවා....
ඒත් අද කොළඹ ඇතුළු සෑම නගරයකම රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු 'ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පක්ෂ පාතී උද්ඝෝෂණ වලදී පොලිසිය ස්වේච්ඡාවෙන් තුමූ ම 'මහජන පීඩා කරමින් පාරවල් වසා දමා' පෙළපාලි කරුවන්ට අනුග්‍රහ දක්වනු දක්නට ලැබුණා...මුන්ට උද්ඝෝෂණ කරන්නට තිබෙන අයිතිය උන්ට නැත්තෙ ඇයි..?
අද පළමු වමනය සිදුවූයේ ඒ පොලිසිය පිළිබදවයි. ඒ පොලිසියට අණ දෙන තැන් පිළිබදවයි.
දෙවනුව වමනය සිදුවූයේ අද පාරට බැහැපු 'ජන ගඟ දුටු විට' යි. ඊයෙ පෙරේදා බත්පතට ම කෙළවාගත් මහජනතාව එදා පාරට බැස්සා නම්..., නොබැස්සේ ඇයි...? කියලා....හිතෙනකොට ආයෙත් වමනෙට එනවා.
මිනිස්සු පාර තොට වල රස්තියාදු වෙවී බන් කි මූන්ගෙ පඹයින් පුළුස්සමින් ඉන්න අතර තුර ඇත්තටම ජිනීවා වල වෙන දේ ගැන තාමත් හරි ආරංචියක් නැහැ...
ලෝකය ලංකාව දිහා බලන්නෙ කුමන ඇහැකින් ද කියන කුතුහලයෙන් අන්තර්ජාලය පීරමින් ඉන්න විට ඩෙස්මන්ඩ් ටුටූලගෙ මේ අදහස් ඇහැ ගැටුණෙ, ගාඩියන් පිටුවක දි...

''................ශ්‍රී ලංකාව රටක් වශයෙන් 'වගවීමෙන්' සහ 'එකගතාවයෙන්' සිටීමට දරන්නාවූ පරිශ්‍රමයන් උසස් තත්වයට පත් කිරීම සදහා එක්සත් පාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් ද වනවා. එරට කල් පවත්නා සාමයක් ස්ථාවර වීමට නම්, වගවීම සහ එකගතාව ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තම කාර්ය නිසියාකාරයෙන් ඉටුකරන්නේ නම් එය ශ්‍රී ලංකාවෙ මිනිස්සුන් වෙනුවෙන් විතරක් නෙවෙයි විශ්වීය මානව අයිතිවාසිකම් සහ රාජ්‍යයන් විසින් වග කියන ජාත්‍යන්තර නීති පිළිබද විශ්වාස කරන මුලුමහත් ලෝක වැසියා වෙනුවෙනුත් තහවුරු වේවි. ඔවුන් ඒ අයිතීන් පොදුවේ භුක්ති විදීවි.
ශ්‍රි ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුද්ධයකින් පරාජයට පත් කර මේ වන විට වසර තුනක් ගතවී ඇතත්, තවමත් ඒ යුද්ධයේ දී දෙපාර්ශවයෙන් ම සිදුකෙරුණු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද පුළුල් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර නැහැ. ඒ මිනිස්සුන්ට අත්විදින්නට සිදුවූ වේදනාවන් සැහැල්ලුවෙන් නොතකා හරින්න බැහැ.
2011 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාව සම්බන්ධයෙන් නිරීක්ෂණයට පත් කළ විශේෂඥ කමිටුව පළ කළ වාර්තාවේ සදහන්වුණා, ශ්‍රී ලංකා රජයේ හමුදාව සිවිල් වැසියන්ට 'යුද මුක්ත කලාප' වෙත පැමිණෙන්නට සලස්වා එම 'යුද මුක්ත කලාප' වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව. ඒ වගේම ඔවුන් නිරීක්ෂණය කර තිබුණා, එක්සත් ජාතීන්ගේ තාවකාලික නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වලටත් හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලද බව.
මේ අතර එල්.ටී.ටී.ඊ.ය සිය රැකවරණයට සිවිල් වැසියන් ආරක්ෂක පවුරක් ලෙස භාවිතා කළ බවත්, අවුරුදු 14 වැනි වයස් වල ළමා සොල්දාදුවන් සහ වයස්ගත වැඩිහිටියන් යුද්ධකිරීම සදහා යොදාගත් බවත් එ.ජා. විශේෂඥ කමිටුව එම වාර්තාවේම සටහන් කර තිබුණා.
ගැටුමේ අවසන් මාස කිහිපය ඇතුළත සිවිල් වැසියන් 40 000 ක් පමණ ඝාතනය වන්නට ඇති බව විශ්වාස කටයුතු සාක්ෂි විමසීම් වලින් අනතුරුව එ.ජා. කමිටුව ඇස්තමේන්තු ගත කර තිබුණා.
තැතිගත් සිවිල් ජනයාගෙන් ඔවුන් මුහුණ පෑ බිහිසුන් අත්දැකීම් පිළිබද කමිටුවට වාර්තා වී තිබුණා. ඉන් එක කතාවක් තමයි 2008 සැප්තැම්බර් සිට 2009 මැයි වන තෙක් හත් වතාවකට වඩා අවතැන් වූ 6 හැවිරිදි දැරියක් ද සිටි පවුලක් අවසානයේ 'යුද මුක්ත කලාපයේ' කදවුරකදී ෂෙල් වැදී මිය යාමේ කතාව. ඔවුන් දැන් සිටින්නේ සලකුණක් වත් ඉතිරිව නැති සොහොනක.
දෙසැම්බරයේ දී එළි දැක්වුණු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ද නැවතත් යුද ගැටුම සහ යළි එකගතාවකට පත් වීම පිළිබද ජාතික කතිකාවකට මග පාදා තිබෙනවා. එහෙත් ඒ වාර්තාව ආණ්ඩුව බැරෑරුම් ව වගවිය යුතු කාරණා මගහැර තිබෙනවා. ළගක දි ආණ්ඩුව නිවේදනය කරළා තිබුණා, යුද්ධය සහ එහිදී හමුදාව ක්‍රියා කළ ආකාරයන් පිළිබදව හමුදාව මගින් අභ්‍යන්තර විමර්ශනයක නියැලෙන බව. එහෙත් ගැටුම අවස්ථාවේ හමුදාවේ ක්‍රියාකලාපයන් 'වෙනම' ගෙන විමර්ශනය නොකළ යුතුයි. එය සමස්ත සිදුවීමේ කොටසක් නිසා.
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුකූලව 'ශ්‍රී ලංකාවේ දී සිදුවූයේ කුමක්ද?' යන්න පිළිබදව එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලය මගින් සියලු පාර්ශවයන්ගේ විශ්වසනීයත්වය රැකෙන පරිද්දෙන් සාක්ෂි විමසමින් 'ස්වාධීන විමර්ශනයක්' පැවැත්වීමට යොමු වී තිබෙනවා.
''යුද වැදුණු දෙපාර්ශවයම යුද්ධයේදී මෙන්ම සාමයේදී ද කඩ නොවිය යුතු යැයි ජාත්‍යන්තර වශයෙන් සම්මත කර ඇති මානව හිමිකම් කඩ කර තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර තිබෙනවා.'' යනුවෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියනවා.
මෙම තත්වයන් තුළ යුද්ධයෙන් දිනූ පාර්ශවය වන ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට හිස නමා වගවීමෙන් යුතුව ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු නොකර පුරවැසියන්ට යළි එකගතාවයෙන් යුතුව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් තම රට තුළ නුදුරු අනාගතයේ දීම නිර්මාණය කළ යුතු වෙනවා. එසේ නොවුණහොත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
දියුණු සංස්කෘතියක්, ඉතිහාසයක් සහිත සම්පත් බහුල ලස්සන දූපතක් වන ලංකාව යළිත් මානව හිමිකම් උල්ලංඝනය කරන, අපරාධ කරන රටක් නොවීමට වග බලාගත යුතුයි. එහි සියලුම රටවැසියන්ට අර්ථාන්විත සාමයක් උදාකර දීම පිණිස ආණ්ඩුව අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන් කරගත යුතුයි.
අවසාන වශයෙන් මතු කළයුතු වැදගත්ම කරුණ තමයි, ලංකාවෙ මෑත අතීතයේ සිදු වූ ඒ සිදුවීම් පිළිබදව ජාත්‍යන්තරයේ මනා අවධානය යොමුවිය යුතු යි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය අධිකාරිය මගින් තමන් හමුවට ඉදිරිපත්ව තිබෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම වගකීමෙන් සිය විමර්ශනයට භාජනය කළ යුතු වන බව.........''
-ඩෙස්මන්ඩ් ටුටූ, ගෝලීය නායක සාමූහිකය වෙනුවෙන්...
Sunday, February 26, 2012
දෙවැනි සැහැල්ල
මම ද නේවාසිකව ඉන්න ඒ කතිකා අම්බලමට කලින් ආපු ගියපු, මාත් එක්ක එකට බීපු පිරිමින්ට දේශපාලනය-කලාව-සාහිත්‍ය වැනි විෂයන් පිළිබද විකල්ප(?) පෙරටුගාමී(?) කතිකා පවත්වන්න දැන් ඒ අම්බලමට එන්න බැහැ ලු...මගේ චරිතය හොද නැති නිසා...., මම මගේ පෙම්වතා සමඟ ඔය කියන අම්බලමේ බුදියන නිසා...ඒ මගේ පෙම්වතා එක්ක අම්බලමේ නායකයා වෙන්න හදන තව කෙනෙක් අමනාප නිසා... (අම්බලම් වලට නායකයො ඉන්නවද?) ඒ අම්බලමට යන එන යෞවන සම්මානිත නව නාට්‍යකරුවෙකුගෙ බිරිද මට අකමැති නිසා...මගේ ඇදුම් අසංවර නිසා...අරක නිසා..මේක නිසා...
කුවන්ණාව රැහේ කුල විනය පාරාජිකාවීමෙන් පන්නා දැමුණා, වන වැදී පලා ගියා....තමන් කැමති මිනිහෙකුට එහෙමත් නැත්නම් රැහේ ද්‍රෝහියෙකුට ඇඹේණිය වන්නට ගත් රැඩිකල් තීරණයට ඈට දුන් දඬුවම තමයි රැහෙන් පන්නා දැමීම...ඔව් ඈට ඕන වුණා තමුන්ගෙ ආදරය දිනාගත් මිනිහාට තමන්ගෙ රටේ රජකම අරන් දෙන්න...රැහේ එකෙකුටවත් බැරි වුණා ඒ යුද්ධය දිනන්න... පුළුවන් වුණේ මිනිහාට පහරදීම වෙනුවට ගැහැණියට පහර දීම පිණිස 'කුල විනයෙ අවි අමෝරන්න'... 'පාවා දීම වෙනුවෙන් සාප ලද්දී...' කුවේණියට ඊර්ෂ්‍යා කළ රැහේ වුන් සතුටු වුණා...ඇය විජය විසින් පන්නා දැමීම ගැන... කයි කතන්දර ඉතිහාසය විජයට වඩා තැනක් දෙන්නෙ කුවන්ණාට...කෙනෙකුගේ විවේචනය පිණිසත්...තවකෙනෙකුගේ කම්පාව පිණිසත්...කුවන්ණා වතට නොයෙකුත් අර්ථ විවරණ දෙමින් ඉතිහාසය දෙස් දෙද්දී....අමරාවතීටත්,සුගුණාටත්, ලීලාවතීටත්, පාතිමාටත්, තංගමනීටත්, නිශාදිටත් එරෙහිව ඔය කියන විදියෙ 'විනය විවේචන' එල්ල වුණා...විතරක් නෙවෙයි....කුවන්ණාට පරම්පරා ගනණාවකට පසු ඒ රටේ අග නගරයේ ජීවත් වුණු පශ්චාත් නූතනත්වය ත් ඉක්මවා යන දේශපාලන සංස්කෘතියක් කලාවක් දර්ශනයක් විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටි X Y Z වැනි කතිකා ගෝත්‍රිකයින් පවා ගැහැණියට මිතුරියට සැලකුවේ කුවන්ණාට සලකපු විදියට වඩා වෙනස් විදියකට නෙවෙයි...ගෑණුන්ට එරෙහිව පාවිච්චි කළේ අර පරණ මොට ආයුදයමයි...ගෙනාවෙ දේශපාලනික විවේචන නෙවෙයි....රෙද්ද ඇතුළ පිළිබද විවේචන...එහෙම නැත්නම් 'විනය ප්‍රශ්න'....රටේ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයෙකු ද පත්තර කතුවරයෙකු ද වන ලේඛකයෙකුට ඒ රටේ ප්‍රථම ජනාධිපතිවරිය පිළිබද පොතක් පුරවල ලියන්න තරම් තිබුණෙත් ඇගේ පෙම්වතුන්ගේ නම් ගම් වාස දේස සහ ආගිය තැන්...බීපු සැරබීම වල බ්‍රෑන්ඩ් නම්....ඒ පොතේ අළෙවිය ඉතාමත් හොද වුණා...මිනිස්සු කතා කළේ ජනාධිපතිවරියගේ දූෂණ වංචා ගැන නෙවෙයි...ඇගේ අසම්මත(?) ප්‍රේම සම්බන්ධතා ගැන....
සදාචාරවත් සිංහල බෞද්ධ පිරිමි ළමයිනි..., මගේ දියණිය ද, ඇගේ දියණිය ද...., මා මෙන්ම, මගේ අම්මා මෙන් ම, මගේ ආච්චි අම්මා මෙන් ම උඹලාගේ කැට මුගුරින් පහර කනු ඇත. උඹලා සතුව අදටත් පවතින ගැහැණුන්ට චරිත සහතික ලිවීමේ රෝගය නොහොත් ගෝත්‍රික පුරුද්ද උඹලාගේ ජාන ගත ව ඇති තාක්...
මා වෙතින් / ඈ වෙතින් පහළ විය යුත්තේ කළකිරීමක් නොව... කිසිසේත් ම කදුලකුත් නොව.... නිකම්ම නිකන් සිනහවක් පමණයි...
පළමුවැනි සැහැල්ල
වන වැදුනු දරුවනේ-
ජීවහත්ත, දිසාලා...මගෙ පුතේ..
නුඹලාව ගබ්සා කළ,
පාලමට යටින් ගලන ගඟට විසි කළ,
කැලෑවේ අතරමං කළ
ඒ අම්මා තමයි මම.
කැලේ කොල ගඩාගෙඩි ගෙනවුත්
තුනපහ ලුණු ඇඹුල් ඇතිහැටියකට අනා
කඩිත්තකින් ඩැහැගත් මාලු කූරියෙක් තම්බා
කවා
උඹලාගෙ බඩගෙඩි පිරවූ...
අතුරුපසට අයිස් ක්‍රීම් කැවූ...
මතක් කරන්නටවත් අකමැති තාත්තලගෙ මූණු එහෙම පිටින්ම පිටපත් කරගත්
නුඹලාට
වෛර නොකර ඉන්නට දමනය කරගත්
සිතැත්තිය...
බැල්ලක් පසුපස එන බලු පැටවු ටික වගේ
මගේ පස්සෙම වැටි වැටී ඇවිත්
මගේ තන මිරික මිරිකා කිරි බිබී මහත් වුණු
උඹලාට දැන් අමතකත් ඇති
ඒ ගැහැණි...
මම කුවේණි....
වනන්තරේ
ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ
මලක් මල් පෙත්තක් ගානේ
ලියා තබමි -
සිය දිවි නසාගන්නට කළින් කිව යුතුව තිබූ හැම දේම.
ඒ සයිබර් පිටපත මේ සැහැල්ල.
එවේලේ කුසින් නිදහස් කළ කිරි දරුත්
කිහිල්ලේ ගහගෙන
මෝහිණී වෙස් ගමි...
එවේලේ විදි වේදනාවට
බෝදිලි අවතාරයෙන් කෙදිරිලමි...
පත්තිනිය නොවෙමි.
මුලින්ම රැහෙන් නෙරපනු ලැබුයෙමි.
ආදරය කළ විජයගෙන් නෙරපනු ලැබුයෙමි.
71 සිරගත වීමි.
89 ටයර් සෑයක දැවුණෙමි.
ඇඟලුම් කම්හලේ රෙදි මැහුවෙමි.
අබුඩාබි ගිහින් ඇණ ගසාගන ආවෙමි.
2009 සැමියාද දරුවන් ද අසල්වැසියන් ද අහිමිව
පටාචාරාවක වීමි.
රෙදිත් නැතිව කිලිනොච්චි කාස්ටකේ පිස්සුවෙන් ඇවිද්දෙමි.
කිරිපිටියි, පරිප්පුයි, හාලුයි, ගෑසුයි ගණන් ගිය වෙලාවෙ
කුස්සියේ ගෙල වැල ලා ගතිමි.
උපත් පාලන කොපු හෑන්ඩ් බෑගයේ තිබූ වරදට දඩ කෑමි.
පොලිස් ලොක්කෙකුට නිදි වැදී
අන්තර්ජාලගත නිරුවත් රූපය වෙනුවෙන් සිරගත වීමෙන් වැලකුණෙමි.
මැරි මැරී යළිත් ඉපදි ඉපදී
කමින් බොමින් රමණය කරමින් කයි කතන්දර අසමින් තවමත් ජීවත් වෙමි.
එකසිය හත් වතාවක් රැවටී එකසිය අටවැන්නාට ප්‍රේම කරමි.
තවමත් හීනයෙන් නොමිදුනෙමි.

Subscribe to:
Comments (Atom)