Wednesday, February 29, 2012

අතේ සල්ලි නැතුව.....

20 වැනිදා ඉදන් අන්ත අසරණයි අතේ සල්ලි නැතුව....25 වැනිදා වෙන තුරු දත කා ගෙන හිටියා....වේලෙන් වේලට කොහොම හරි කොහොම හරි වියදම විතරක් හොයාගත්තා.....25 වැනිදා මාසික දීමනාව ලැබෙන තුරු ඇඟිලි ගැන ගැන හිටියා....ඒත් සල්ලි වෙනුවට ලැබුණේ කලකිරීමක් විතරයි...

මම මේ දවස් වල විකල්ප පුවත් සඟරාවකට ලියන‍වා....අයුක්තිය, අසාධාරණය, අයහපතට එරෙහිව ලිපි ලියන විකල්ප මාධ්‍යවේදීන් පිරිසක් සමඟ වැඩකරන එකම ගැහැණිය මම....අපි හැමෝම වෙනුවෙන් එක්කෙනෙනකුගේ ගිණුමට කලෙක්ෂන් එකක සල්ලි වැටෙන්නෙ.....අයුක්තියට අසාධාරණයට විරුද්ධව ආණ්ඩුවට නිතරමයුදධ ප්‍රකාශ කරන ඒ තරුණ මාධ්‍යවේදියා තමන්ගෙ සහෝදර මාධ්‍යවේදිනියට හිමි මුදල දැන් දවස් හතරක් තිස්සේ ප්‍රමාද කරනවා....හැම මාසෙම දවස් දෙක තුන ප්‍රමාද කරනවා....මේ වතාවෙ කෝල් එකක් වත් නොදී අසාධාරන අයුක්ති සහගත ලෙස මඟහරිමින් සිටිනවා...

අන්තිම වේල් දෙක උයන්න කඩෙන් ණය‍ට බඩු ගත්තා...කැටේ කඩල අතට ගත්තු රුපියල් 160 ක් විතරයි දැන් අතට ඉතුරු....තඩේ ණය පියවන්නත් තියෙනවා....

No comments:

Post a Comment