Wednesday, April 18, 2012

ඒ කදු‍ළේ වග........

කම්මුල් දිගේ
ගලන
බිම වැටී බොදවන....
කොහෙන්ද කොහෙන්ද මේ
දැක පුරුදු කදුළු...
වග වාසගම් පවා කියත හැකි
කදුළු....

මේ
අම්මාගේ ඇස් වලින්
පටන් ගත්
කදුළු....
තාත්තා
රෑට රෑට
වෙන ගෙදරක
වෙන ගැහැණියකගෙ
පැදුර පාගපු දවසෙ
අම්මගෙ ඇස් වලින් පටන් ගත්
කදුළු....

නැන්දම්මට දරුවෙකුත් දීල
කසාදෙ කුරුටු ගෑ මාමා
ළමිස්සියෙක් අරන් ගිය දවසෙ
නැන්දම්මගෙ
ඇහින් ගලපු කදුළු....

වැඩට යන බව කියා
ගෙදරින් පිටත්වන මස්සිනා
වැඩපොළේ ගෑණියෙක් එක්ක
වැල්ලවත්තෙ රූම් ගානෙ යන බව
දැනගත් දවසෙ
අක්කගෙ ඇහින් පැනපු කදුළු.....

මෙන්න
මෙන්න
දැන් මගේ ඇස් වල....

No comments:

Post a Comment