වාට්ටු කොරිඩෝවක ට්‍රොලියක වැතිර සිටියදී....දත් ගැලවී....ලේ පිරුණු මුවින් යුතුව මා'තින් පොඩිකෙරුණු කෙසෙල්ගෙඩි කෑ ඒ 'ළමා ගැහැණිය' අදත් මගේ මතකයෙහි වද දෙමින් ජීවත්ව සිටී....
අවුරුදු දාහතරක පමණ කිලිටි ගණිකාවක්....නහයෙන් කටින් ලේ පෙරාගෙන මහපාරේ වැටී සිටිය දී ත්‍රීවීලර්කාරයෙකු විසින් රෝහලට ඇතුළත් කරන ලද රෝගියෙක්....හෙදියන්, දොස්තරවරියන්, සාත්තු සේවිකාවන්, අනෙක් රෝගී කාන්තාවන් සහ ඒ රෝගී කාන්තාවන්ට උපකාර කිරීමට නැවතී සිටින කාන්තාවන් යන සමස්ත කාන්තා වාට්ටු ප්‍රජාවම විසින් පිළිකුල් කරනු ලැබූ ගැහැණියක්.....
''මගෙ බඩේ දරුවෙක් ඉන්නවා...අනේ මට බඩගිනියි...මට කන්න දී...ප...න්...'' යි කියමින් බාල සඳක් සේ මෝදුවෙමින් එන කුස පිරිමදිමින් කෑ ගහන ගැහැණියක්....ළමා අම්මා කෙනෙක්?
''කෑමයි, බෙහෙතුයි ඕන නම් සේලයින් වතුරෙන් නාගෙන එන්න...පාරවල් වල එක එකා එක්ක බුදියන ඔයාට මොන මොන ලෙඩ තියෙනවද කව්ද දන්නෙ...?'' කියන සුදු හැඳගත් පත්තිනි කුලයේ හෙදියන්....
දරුවන් වදන ගැහැණුන්ගෙන්, දූවරුන් සිටින අම්මාවරුන්ගෙන් 'හෘද සාක්ෂිය' ප්‍රශ්න නොකළෙමි....
එහෙත් වේසාවක් වුව ද ඇයත් සීනි ඇටයේ, හාල් ඇටයේ පටන්, අප මෙන් ම බදුගෙවන මේ රටේ පුරවැසියෙක් බවත්, ලෙඩක් අනතුරක් වී රෝහල් ගත වන අනෙක් හැම මිනිහෙකුට ගැහැණියකට වගේ ම 'නිදහස් සෞඛ්‍ය සේවය' ලැබීමට 'අයිතියක්' ඇයට ත් ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයට පැවසුවෙමි....
''එහෙමයි කියල ඒ ජරා ගෑනිට ලං වෙලා ලෙඩ බෝ කරගන්නද කියන්නෙ...?'' ඔවුන් මගෙන් ඇසුවා...
ඒඩ්ස් රෝගීන්, තවත් ලිංගික රෝගීන් පවා රෝහල් ගතව සාත්තු සප්පායම් ලබන බවත්, ලැබිය යුත්තන් බවත්, ඔවුන් ඒ සියලු ආකාරයේ රෝගීන්ට සාත්තු කිරීමට රාජකාරියෙන් බැඳී සිටින බවත්, එවැනි ලිංගික රෝග සුළගින් හෝ රෝගියා අතපත ගෑමෙන් බෝ නොවන බවට වන විද්‍යාත්මක සත්‍යයන් පවා අමතකව ගොස් සිටි ඒ වෛද්‍යවරිය සහ හෙදියන් ද සාත්තු සේවිකාවන් ද සිය සමස්ත හැසිරීම් ''පත්තිනි කුල සදාචාරයට'' යටත්කර තිබිණි..... රෝගියෙකුට බෙහෙත් කරන 'හිපොක්‍රටිස් කුල සදාචාරය' සහ රෝගීන්ට සාත්තුකරන 'නයිටිංගේල් කුල සදාචාරය' ඒ වෛද්‍යවරිය සහ හෙදියන් වෙතින් පළ නොවිණ...
(2011.අගෝස්තු.16 රාත්‍රියේ රත්නපුර මහ රෝහලේ 13 වැනි වාට්ටුවේ දී සිදුවූ සත්‍ය සිදුවීමකින් කුවේණිය හද කම්පා වීමෙන් ලියැවුණ සැහැල්ල...)
Wednesday, February 29, 2012
අතේ සල්ලි නැතුව.....
20 වැනිදා ඉදන් අන්ත අසරණයි අතේ සල්ලි නැතුව....25 වැනිදා වෙන තුරු දත කා ගෙන හිටියා....වේලෙන් වේලට කොහොම හරි කොහොම හරි වියදම විතරක් හොයාගත්තා.....25 වැනිදා මාසික දීමනාව ලැබෙන තුරු ඇඟිලි ගැන ගැන හිටියා....ඒත් සල්ලි වෙනුවට ලැබුණේ කලකිරීමක් විතරයි...
මම මේ දවස් වල විකල්ප පුවත් සඟරාවකට ලියනවා....අයුක්තිය, අසාධාරණය, අයහපතට එරෙහිව ලිපි ලියන විකල්ප මාධ්‍යවේදීන් පිරිසක් සමඟ වැඩකරන එකම ගැහැණිය මම....අපි හැමෝම වෙනුවෙන් එක්කෙනෙනකුගේ ගිණුමට කලෙක්ෂන් එකක සල්ලි වැටෙන්නෙ.....අයුක්තියට අසාධාරණයට විරුද්ධව ආණ්ඩුවට නිතරමයුදධ ප්‍රකාශ කරන ඒ තරුණ මාධ්‍යවේදියා තමන්ගෙ සහෝදර මාධ්‍යවේදිනියට හිමි මුදල දැන් දවස් හතරක් තිස්සේ ප්‍රමාද කරනවා....හැම මාසෙම දවස් දෙක තුන ප්‍රමාද කරනවා....මේ වතාවෙ කෝල් එකක් වත් නොදී අසාධාරන අයුක්ති සහගත ලෙස මඟහරිමින් සිටිනවා...
අන්තිම වේල් දෙක උයන්න කඩෙන් ණයට බඩු ගත්තා...කැටේ කඩල අතට ගත්තු රුපියල් 160 ක් විතරයි දැන් අතට ඉතුරු....තඩේ ණය පියවන්නත් තියෙනවා....
මම මේ දවස් වල විකල්ප පුවත් සඟරාවකට ලියනවා....අයුක්තිය, අසාධාරණය, අයහපතට එරෙහිව ලිපි ලියන විකල්ප මාධ්‍යවේදීන් පිරිසක් සමඟ වැඩකරන එකම ගැහැණිය මම....අපි හැමෝම වෙනුවෙන් එක්කෙනෙනකුගේ ගිණුමට කලෙක්ෂන් එකක සල්ලි වැටෙන්නෙ.....අයුක්තියට අසාධාරණයට විරුද්ධව ආණ්ඩුවට නිතරමයුදධ ප්‍රකාශ කරන ඒ තරුණ මාධ්‍යවේදියා තමන්ගෙ සහෝදර මාධ්‍යවේදිනියට හිමි මුදල දැන් දවස් හතරක් තිස්සේ ප්‍රමාද කරනවා....හැම මාසෙම දවස් දෙක තුන ප්‍රමාද කරනවා....මේ වතාවෙ කෝල් එකක් වත් නොදී අසාධාරන අයුක්ති සහගත ලෙස මඟහරිමින් සිටිනවා...
අන්තිම වේල් දෙක උයන්න කඩෙන් ණයට බඩු ගත්තා...කැටේ කඩල අතට ගත්තු රුපියල් 160 ක් විතරයි දැන් අතට ඉතුරු....තඩේ ණය පියවන්නත් තියෙනවා....
Monday, February 27, 2012
ඇතුළත ගිනි, පිට ගිනි හා වමනය
ලංකාව කියන්නෙ මාසෙකට තුන් හතර පස් වතාවක්....සමහර විට ඊටත් වැඩි වතාවක් උද්ඝෝෂණ පැවැත්වෙන රටක්...කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුමේ විරෝධතා පුවරු එසවෙන ඒ දවස් වලට පොලීසියට වැඩ වැඩි වෙනවා....ළඟක දි ඉඳන් හමුදාවටත් වැඩ වැඩිවෙනවා....දණ බිම ඇණගෙන වෙඩි තියල විරෝධතාකරුවන්ව මරන්න පවා සිදුවෙලා තියෙනවා...විශ්ව විද්‍යාල වලට කඩා පැන විරු සිසු ස්මාර්ක වලට බෝම්බ ගසන්න පවා...සිදුවෙලා...
මේ බොහෝ උද්ඝෝෂණ වලට වැඩි පිරිසක් සහභාගි වෙන්නෙත් නැහැ. ඒත් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ පක්ෂ මගින් කරනු ලබන උද්ඝෝෂණ වලට නම් සැලකිය යුතු පිරිස් සහභාගි වනවා...පිරිස් සහභාගීත්වය කොහොම වුණත්, 'මහජන පීඩාව' පදනම් කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමටත් ප්‍රථම ඒවා වළක්වන්න අධිකරණ නියෝග ගන්න පොලිසිය නොපැකිළ කටයුතු කරනවා....
ඒත් අද කොළඹ ඇතුළු සෑම නගරයකම රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු 'ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පක්ෂ පාතී උද්ඝෝෂණ වලදී පොලිසිය ස්වේච්ඡාවෙන් තුමූ ම 'මහජන පීඩා කරමින් පාරවල් වසා දමා' පෙළපාලි කරුවන්ට අනුග්‍රහ දක්වනු දක්නට ලැබුණා...මුන්ට උද්ඝෝෂණ කරන්නට තිබෙන අයිතිය උන්ට නැත්තෙ ඇයි..?
අද පළමු වමනය සිදුවූයේ ඒ පොලිසිය පිළිබදවයි. ඒ පොලිසියට අණ දෙන තැන් පිළිබදවයි.
දෙවනුව වමනය සිදුවූයේ අද පාරට බැහැපු 'ජන ගඟ දුටු විට' යි. ඊයෙ පෙරේදා බත්පතට ම කෙළවාගත් මහජනතාව එදා පාරට බැස්සා නම්..., නොබැස්සේ ඇයි...? කියලා....හිතෙනකොට ආයෙත් වමනෙට එනවා.
මිනිස්සු පාර තොට වල රස්තියාදු වෙවී බන් කි මූන්ගෙ පඹයින් පුළුස්සමින් ඉන්න අතර තුර ඇත්තටම ජිනීවා වල වෙන දේ ගැන තාමත් හරි ආරංචියක් නැහැ...
ලෝකය ලංකාව දිහා බලන්නෙ කුමන ඇහැකින් ද කියන කුතුහලයෙන් අන්තර්ජාලය පීරමින් ඉන්න විට ඩෙස්මන්ඩ් ටුටූලගෙ මේ අදහස් ඇහැ ගැටුණෙ, ගාඩියන් පිටුවක දි...
මේ බොහෝ උද්ඝෝෂණ වලට වැඩි පිරිසක් සහභාගි වෙන්නෙත් නැහැ. ඒත් ශිෂ්‍ය උද්ඝෝෂණ සහ පක්ෂ මගින් කරනු ලබන උද්ඝෝෂණ වලට නම් සැලකිය යුතු පිරිස් සහභාගි වනවා...පිරිස් සහභාගීත්වය කොහොම වුණත්, 'මහජන පීඩාව' පදනම් කරගෙන උද්ඝෝෂණ පැවැත්වීමටත් ප්‍රථම ඒවා වළක්වන්න අධිකරණ නියෝග ගන්න පොලිසිය නොපැකිළ කටයුතු කරනවා....
ඒත් අද කොළඹ ඇතුළු සෑම නගරයකම රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුණු 'ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පක්ෂ පාතී උද්ඝෝෂණ වලදී පොලිසිය ස්වේච්ඡාවෙන් තුමූ ම 'මහජන පීඩා කරමින් පාරවල් වසා දමා' පෙළපාලි කරුවන්ට අනුග්‍රහ දක්වනු දක්නට ලැබුණා...මුන්ට උද්ඝෝෂණ කරන්නට තිබෙන අයිතිය උන්ට නැත්තෙ ඇයි..?
අද පළමු වමනය සිදුවූයේ ඒ පොලිසිය පිළිබදවයි. ඒ පොලිසියට අණ දෙන තැන් පිළිබදවයි.
දෙවනුව වමනය සිදුවූයේ අද පාරට බැහැපු 'ජන ගඟ දුටු විට' යි. ඊයෙ පෙරේදා බත්පතට ම කෙළවාගත් මහජනතාව එදා පාරට බැස්සා නම්..., නොබැස්සේ ඇයි...? කියලා....හිතෙනකොට ආයෙත් වමනෙට එනවා.
මිනිස්සු පාර තොට වල රස්තියාදු වෙවී බන් කි මූන්ගෙ පඹයින් පුළුස්සමින් ඉන්න අතර තුර ඇත්තටම ජිනීවා වල වෙන දේ ගැන තාමත් හරි ආරංචියක් නැහැ...
ලෝකය ලංකාව දිහා බලන්නෙ කුමන ඇහැකින් ද කියන කුතුහලයෙන් අන්තර්ජාලය පීරමින් ඉන්න විට ඩෙස්මන්ඩ් ටුටූලගෙ මේ අදහස් ඇහැ ගැටුණෙ, ගාඩියන් පිටුවක දි...
''................ශ්‍රී ලංකාව රටක් වශයෙන් 'වගවීමෙන්' සහ 'එකගතාවයෙන්' සිටීමට දරන්නාවූ පරිශ්‍රමයන් උසස් තත්වයට පත් කිරීම සදහා එක්සත් පාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරයක් ද වනවා. එරට කල් පවත්නා සාමයක් ස්ථාවර වීමට නම්, වගවීම සහ එකගතාව ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තම කාර්ය නිසියාකාරයෙන් ඉටුකරන්නේ නම් එය ශ්‍රී ලංකාවෙ මිනිස්සුන් වෙනුවෙන් විතරක් නෙවෙයි විශ්වීය මානව අයිතිවාසිකම් සහ රාජ්‍යයන් විසින් වග කියන ජාත්‍යන්තර නීති පිළිබද විශ්වාස කරන මුලුමහත් ලෝක වැසියා වෙනුවෙනුත් තහවුරු වේවි. ඔවුන් ඒ අයිතීන් පොදුවේ භුක්ති විදීවි.
ශ්‍රි ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුද්ධයකින් පරාජයට පත් කර මේ වන විට වසර තුනක් ගතවී ඇතත්, තවමත් ඒ යුද්ධයේ දී දෙපාර්ශවයෙන් ම සිදුකෙරුණු යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද පුළුල් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර නැහැ. ඒ මිනිස්සුන්ට අත්විදින්නට සිදුවූ වේදනාවන් සැහැල්ලුවෙන් නොතකා හරින්න බැහැ.
2011 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාව සම්බන්ධයෙන් නිරීක්ෂණයට පත් කළ විශේෂඥ කමිටුව පළ කළ වාර්තාවේ සදහන්වුණා, ශ්‍රී ලංකා රජයේ හමුදාව සිවිල් වැසියන්ට 'යුද මුක්ත කලාප' වෙත පැමිණෙන්නට සලස්වා එම 'යුද මුක්ත කලාප' වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බව. ඒ වගේම ඔවුන් නිරීක්ෂණය කර තිබුණා, එක්සත් ජාතීන්ගේ තාවකාලික නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වලටත් හමුදා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලද බව.
මේ අතර එල්.ටී.ටී.ඊ.ය සිය රැකවරණයට සිවිල් වැසියන් ආරක්ෂක පවුරක් ලෙස භාවිතා කළ බවත්, අවුරුදු 14 වැනි වයස් වල ළමා සොල්දාදුවන් සහ වයස්ගත වැඩිහිටියන් යුද්ධකිරීම සදහා යොදාගත් බවත් එ.ජා. විශේෂඥ කමිටුව එම වාර්තාවේම සටහන් කර තිබුණා.
ගැටුමේ අවසන් මාස කිහිපය ඇතුළත සිවිල් වැසියන් 40 000 ක් පමණ ඝාතනය වන්නට ඇති බව විශ්වාස කටයුතු සාක්ෂි විමසීම් වලින් අනතුරුව එ.ජා. කමිටුව ඇස්තමේන්තු ගත කර තිබුණා.
තැතිගත් සිවිල් ජනයාගෙන් ඔවුන් මුහුණ පෑ බිහිසුන් අත්දැකීම් පිළිබද කමිටුවට වාර්තා වී තිබුණා. ඉන් එක කතාවක් තමයි 2008 සැප්තැම්බර් සිට 2009 මැයි වන තෙක් හත් වතාවකට වඩා අවතැන් වූ 6 හැවිරිදි දැරියක් ද සිටි පවුලක් අවසානයේ 'යුද මුක්ත කලාපයේ' කදවුරකදී ෂෙල් වැදී මිය යාමේ කතාව. ඔවුන් දැන් සිටින්නේ සලකුණක් වත් ඉතිරිව නැති සොහොනක.
දෙසැම්බරයේ දී එළි දැක්වුණු උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාව ද නැවතත් යුද ගැටුම සහ යළි එකගතාවකට පත් වීම පිළිබද ජාතික කතිකාවකට මග පාදා තිබෙනවා. එහෙත් ඒ වාර්තාව ආණ්ඩුව බැරෑරුම් ව වගවිය යුතු කාරණා මගහැර තිබෙනවා. ළගක දි ආණ්ඩුව නිවේදනය කරළා තිබුණා, යුද්ධය සහ එහිදී හමුදාව ක්‍රියා කළ ආකාරයන් පිළිබදව හමුදාව මගින් අභ්‍යන්තර විමර්ශනයක නියැලෙන බව. එහෙත් ගැටුම අවස්ථාවේ හමුදාවේ ක්‍රියාකලාපයන් 'වෙනම' ගෙන විමර්ශනය නොකළ යුතුයි. එය සමස්ත සිදුවීමේ කොටසක් නිසා.
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් නීති වලට අනුකූලව 'ශ්‍රී ලංකාවේ දී සිදුවූයේ කුමක්ද?' යන්න පිළිබදව එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලය මගින් සියලු පාර්ශවයන්ගේ විශ්වසනීයත්වය රැකෙන පරිද්දෙන් සාක්ෂි විමසමින් 'ස්වාධීන විමර්ශනයක්' පැවැත්වීමට යොමු වී තිබෙනවා.
''යුද වැදුණු දෙපාර්ශවයම යුද්ධයේදී මෙන්ම සාමයේදී ද කඩ නොවිය යුතු යැයි ජාත්‍යන්තර වශයෙන් සම්මත කර ඇති මානව හිමිකම් කඩ කර තිබෙනවා. ඔවුන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර තිබෙනවා.'' යනුවෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියනවා.
මෙම තත්වයන් තුළ යුද්ධයෙන් දිනූ පාර්ශවය වන ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට හිස නමා වගවීමෙන් යුතුව ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු නොකර පුරවැසියන්ට යළි එකගතාවයෙන් යුතුව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් තම රට තුළ නුදුරු අනාගතයේ දීම නිර්මාණය කළ යුතු වෙනවා. එසේ නොවුණහොත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා.
දියුණු සංස්කෘතියක්, ඉතිහාසයක් සහිත සම්පත් බහුල ලස්සන දූපතක් වන ලංකාව යළිත් මානව හිමිකම් උල්ලංඝනය කරන, අපරාධ කරන රටක් නොවීමට වග බලාගත යුතුයි. එහි සියලුම රටවැසියන්ට අර්ථාන්විත සාමයක් උදාකර දීම පිණිස ආණ්ඩුව අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණයන් කරගත යුතුයි.
අවසාන වශයෙන් මතු කළයුතු වැදගත්ම කරුණ තමයි, ලංකාවෙ මෑත අතීතයේ සිදු වූ ඒ සිදුවීම් පිළිබදව ජාත්‍යන්තරයේ මනා අවධානය යොමුවිය යුතු යි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය අධිකාරිය මගින් තමන් හමුවට ඉදිරිපත්ව තිබෙන මානව හිමිකම් කඩකිරීම් පිළිබද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම වගකීමෙන් සිය විමර්ශනයට භාජනය කළ යුතු වන බව.........''
-ඩෙස්මන්ඩ් ටුටූ, ගෝලීය නායක සාමූහිකය වෙනුවෙන්...
Sunday, February 26, 2012
දෙවැනි සැහැල්ල
මම ද නේවාසිකව ඉන්න ඒ කතිකා අම්බලමට කලින් ආපු ගියපු, මාත් එක්ක එකට බීපු පිරිමින්ට දේශපාලනය-කලාව-සාහිත්‍ය වැනි විෂයන් පිළිබද විකල්ප(?) පෙරටුගාමී(?) කතිකා පවත්වන්න දැන් ඒ අම්බලමට එන්න බැහැ ලු...මගේ චරිතය හොද නැති නිසා...., මම මගේ පෙම්වතා සමඟ ඔය කියන අම්බලමේ බුදියන නිසා...ඒ මගේ පෙම්වතා එක්ක අම්බලමේ නායකයා වෙන්න හදන තව කෙනෙක් අමනාප නිසා... (අම්බලම් වලට නායකයො ඉන්නවද?) ඒ අම්බලමට යන එන යෞවන සම්මානිත නව නාට්‍යකරුවෙකුගෙ බිරිද මට අකමැති නිසා...මගේ ඇදුම් අසංවර නිසා...අරක නිසා..මේක නිසා...
කුවන්ණාව රැහේ කුල විනය පාරාජිකාවීමෙන් පන්නා දැමුණා, වන වැදී පලා ගියා....තමන් කැමති මිනිහෙකුට එහෙමත් නැත්නම් රැහේ ද්‍රෝහියෙකුට ඇඹේණිය වන්නට ගත් රැඩිකල් තීරණයට ඈට දුන් දඬුවම තමයි රැහෙන් පන්නා දැමීම...ඔව් ඈට ඕන වුණා තමුන්ගෙ ආදරය දිනාගත් මිනිහාට තමන්ගෙ රටේ රජකම අරන් දෙන්න...රැහේ එකෙකුටවත් බැරි වුණා ඒ යුද්ධය දිනන්න... පුළුවන් වුණේ මිනිහාට පහරදීම වෙනුවට ගැහැණියට පහර දීම පිණිස 'කුල විනයෙ අවි අමෝරන්න'... 'පාවා දීම වෙනුවෙන් සාප ලද්දී...' කුවේණියට ඊර්ෂ්‍යා කළ රැහේ වුන් සතුටු වුණා...ඇය විජය විසින් පන්නා දැමීම ගැන... කයි කතන්දර ඉතිහාසය විජයට වඩා තැනක් දෙන්නෙ කුවන්ණාට...කෙනෙකුගේ විවේචනය පිණිසත්...තවකෙනෙකුගේ කම්පාව පිණිසත්...කුවන්ණා වතට නොයෙකුත් අර්ථ විවරණ දෙමින් ඉතිහාසය දෙස් දෙද්දී....අමරාවතීටත්,සුගුණාටත්, ලීලාවතීටත්, පාතිමාටත්, තංගමනීටත්, නිශාදිටත් එරෙහිව ඔය කියන විදියෙ 'විනය විවේචන' එල්ල වුණා...විතරක් නෙවෙයි....කුවන්ණාට පරම්පරා ගනණාවකට පසු ඒ රටේ අග නගරයේ ජීවත් වුණු පශ්චාත් නූතනත්වය ත් ඉක්මවා යන දේශපාලන සංස්කෘතියක් කලාවක් දර්ශනයක් විප්ලවයක් වෙනුවෙන් පෙනී සිටි X Y Z වැනි කතිකා ගෝත්‍රිකයින් පවා ගැහැණියට මිතුරියට සැලකුවේ කුවන්ණාට සලකපු විදියට වඩා වෙනස් විදියකට නෙවෙයි...ගෑණුන්ට එරෙහිව පාවිච්චි කළේ අර පරණ මොට ආයුදයමයි...ගෙනාවෙ දේශපාලනික විවේචන නෙවෙයි....රෙද්ද ඇතුළ පිළිබද විවේචන...එහෙම නැත්නම් 'විනය ප්‍රශ්න'....රටේ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයෙකු ද පත්තර කතුවරයෙකු ද වන ලේඛකයෙකුට ඒ රටේ ප්‍රථම ජනාධිපතිවරිය පිළිබද පොතක් පුරවල ලියන්න තරම් තිබුණෙත් ඇගේ පෙම්වතුන්ගේ නම් ගම් වාස දේස සහ ආගිය තැන්...බීපු සැරබීම වල බ්‍රෑන්ඩ් නම්....ඒ පොතේ අළෙවිය ඉතාමත් හොද වුණා...මිනිස්සු කතා කළේ ජනාධිපතිවරියගේ දූෂණ වංචා ගැන නෙවෙයි...ඇගේ අසම්මත(?) ප්‍රේම සම්බන්ධතා ගැන....
සදාචාරවත් සිංහල බෞද්ධ පිරිමි ළමයිනි..., මගේ දියණිය ද, ඇගේ දියණිය ද...., මා මෙන්ම, මගේ අම්මා මෙන් ම, මගේ ආච්චි අම්මා මෙන් ම උඹලාගේ කැට මුගුරින් පහර කනු ඇත. උඹලා සතුව අදටත් පවතින ගැහැණුන්ට චරිත සහතික ලිවීමේ රෝගය නොහොත් ගෝත්‍රික පුරුද්ද උඹලාගේ ජාන ගත ව ඇති තාක්...
මා වෙතින් / ඈ වෙතින් පහළ විය යුත්තේ කළකිරීමක් නොව... කිසිසේත් ම කදුලකුත් නොව.... නිකම්ම නිකන් සිනහවක් පමණයි...
පළමුවැනි සැහැල්ල
වන වැදුනු දරුවනේ-
ජීවහත්ත, දිසාලා...මගෙ පුතේ..
නුඹලාව ගබ්සා කළ,
පාලමට යටින් ගලන ගඟට විසි කළ,
කැලෑවේ අතරමං කළ
ඒ අම්මා තමයි මම.
කැලේ කොල ගඩාගෙඩි ගෙනවුත්
තුනපහ ලුණු ඇඹුල් ඇතිහැටියකට අනා
කඩිත්තකින් ඩැහැගත් මාලු කූරියෙක් තම්බා
කවා
උඹලාගෙ බඩගෙඩි පිරවූ...
අතුරුපසට අයිස් ක්‍රීම් කැවූ...
මතක් කරන්නටවත් අකමැති තාත්තලගෙ මූණු එහෙම පිටින්ම පිටපත් කරගත්
නුඹලාට
වෛර නොකර ඉන්නට දමනය කරගත්
සිතැත්තිය...
බැල්ලක් පසුපස එන බලු පැටවු ටික වගේ
මගේ පස්සෙම වැටි වැටී ඇවිත්
මගේ තන මිරික මිරිකා කිරි බිබී මහත් වුණු
උඹලාට දැන් අමතකත් ඇති
ඒ ගැහැණි...
මම කුවේණි....
වනන්තරේ
ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ
මලක් මල් පෙත්තක් ගානේ
ලියා තබමි -
සිය දිවි නසාගන්නට කළින් කිව යුතුව තිබූ හැම දේම.
ඒ සයිබර් පිටපත මේ සැහැල්ල.
එවේලේ කුසින් නිදහස් කළ කිරි දරුත්
කිහිල්ලේ ගහගෙන
මෝහිණී වෙස් ගමි...
එවේලේ විදි වේදනාවට
බෝදිලි අවතාරයෙන් කෙදිරිලමි...
පත්තිනිය නොවෙමි.
මුලින්ම රැහෙන් නෙරපනු ලැබුයෙමි.
ආදරය කළ විජයගෙන් නෙරපනු ලැබුයෙමි.
71 සිරගත වීමි.
89 ටයර් සෑයක දැවුණෙමි.
ඇඟලුම් කම්හලේ රෙදි මැහුවෙමි.
අබුඩාබි ගිහින් ඇණ ගසාගන ආවෙමි.
2009 සැමියාද දරුවන් ද අසල්වැසියන් ද අහිමිව
පටාචාරාවක වීමි.
රෙදිත් නැතිව කිලිනොච්චි කාස්ටකේ පිස්සුවෙන් ඇවිද්දෙමි.
කිරිපිටියි, පරිප්පුයි, හාලුයි, ගෑසුයි ගණන් ගිය වෙලාවෙ
කුස්සියේ ගෙල වැල ලා ගතිමි.
උපත් පාලන කොපු හෑන්ඩ් බෑගයේ තිබූ වරදට දඩ කෑමි.
පොලිස් ලොක්කෙකුට නිදි වැදී
අන්තර්ජාලගත නිරුවත් රූපය වෙනුවෙන් සිරගත වීමෙන් වැලකුණෙමි.
මැරි මැරී යළිත් ඉපදි ඉපදී
කමින් බොමින් රමණය කරමින් කයි කතන්දර අසමින් තවමත් ජීවත් වෙමි.
එකසිය හත් වතාවක් රැවටී එකසිය අටවැන්නාට ප්‍රේම කරමි.
තවමත් හීනයෙන් නොමිදුනෙමි.
ජීවහත්ත, දිසාලා...මගෙ පුතේ..
නුඹලාව ගබ්සා කළ,
පාලමට යටින් ගලන ගඟට විසි කළ,
කැලෑවේ අතරමං කළ
ඒ අම්මා තමයි මම.
කැලේ කොල ගඩාගෙඩි ගෙනවුත්
තුනපහ ලුණු ඇඹුල් ඇතිහැටියකට අනා
කඩිත්තකින් ඩැහැගත් මාලු කූරියෙක් තම්බා
කවා
උඹලාගෙ බඩගෙඩි පිරවූ...
අතුරුපසට අයිස් ක්‍රීම් කැවූ...
මතක් කරන්නටවත් අකමැති තාත්තලගෙ මූණු එහෙම පිටින්ම පිටපත් කරගත්
නුඹලාට
වෛර නොකර ඉන්නට දමනය කරගත්
සිතැත්තිය...
බැල්ලක් පසුපස එන බලු පැටවු ටික වගේ
මගේ පස්සෙම වැටි වැටී ඇවිත්
මගේ තන මිරික මිරිකා කිරි බිබී මහත් වුණු
උඹලාට දැන් අමතකත් ඇති
ඒ ගැහැණි...
මම කුවේණි....
වනන්තරේ
ගහක් ගහක් ගානේ කොලයක් කොලයක් ගානේ
මලක් මල් පෙත්තක් ගානේ
ලියා තබමි -
සිය දිවි නසාගන්නට කළින් කිව යුතුව තිබූ හැම දේම.
ඒ සයිබර් පිටපත මේ සැහැල්ල.
එවේලේ කුසින් නිදහස් කළ කිරි දරුත්
කිහිල්ලේ ගහගෙන
මෝහිණී වෙස් ගමි...
එවේලේ විදි වේදනාවට
බෝදිලි අවතාරයෙන් කෙදිරිලමි...
පත්තිනිය නොවෙමි.
මුලින්ම රැහෙන් නෙරපනු ලැබුයෙමි.
ආදරය කළ විජයගෙන් නෙරපනු ලැබුයෙමි.
71 සිරගත වීමි.
89 ටයර් සෑයක දැවුණෙමි.
ඇඟලුම් කම්හලේ රෙදි මැහුවෙමි.
අබුඩාබි ගිහින් ඇණ ගසාගන ආවෙමි.
2009 සැමියාද දරුවන් ද අසල්වැසියන් ද අහිමිව
පටාචාරාවක වීමි.
රෙදිත් නැතිව කිලිනොච්චි කාස්ටකේ පිස්සුවෙන් ඇවිද්දෙමි.
කිරිපිටියි, පරිප්පුයි, හාලුයි, ගෑසුයි ගණන් ගිය වෙලාවෙ
කුස්සියේ ගෙල වැල ලා ගතිමි.
උපත් පාලන කොපු හෑන්ඩ් බෑගයේ තිබූ වරදට දඩ කෑමි.
පොලිස් ලොක්කෙකුට නිදි වැදී
අන්තර්ජාලගත නිරුවත් රූපය වෙනුවෙන් සිරගත වීමෙන් වැලකුණෙමි.
මැරි මැරී යළිත් ඉපදි ඉපදී
කමින් බොමින් රමණය කරමින් කයි කතන්දර අසමින් තවමත් ජීවත් වෙමි.
එකසිය හත් වතාවක් රැවටී එකසිය අටවැන්නාට ප්‍රේම කරමි.
තවමත් හීනයෙන් නොමිදුනෙමි.
Subscribe to:
Comments (Atom)

