Thursday, October 10, 2013

පිනි බ්ංදු

තනපත්
දරා ගන්නවා
පිණිබිදු

Friday, September 27, 2013

පහන නිව්වා කටින් පිඹලා...

සීතල ද අදුර ද රැගෙන රාත්‍රිය ඇවිත්...

පුරුද්දට වගේ පැදුරත් බිම වැතිරිලා...

ළමයිනුත් තද නින්දේ ය හිමියනි...

ඔන්න මං - 

පහන නිව්වා කටින් පිඹලා...

Friday, July 19, 2013

ආදරය සහ බැදීම් සහ විදවීම්

ආදරය වනාහි තවත් දේවල් බොහොමයක් සමග තුලනය වන එනමුත් ජීවිත වලට ඉතාම වැදගත් දෙයකි. බැදීම් යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයකි. විදවීම් දරාගැනීමේ ශක්තිය ඇති තාක් ආදරය ඉතුරුවේ. ආදරය නැති තැන බැදීම් වලට පැවැත්මක් නැත.
සමහරවිට අපට නරක දේවල් අතරින් අවම නරක දේ තෝරාගැනීමට සිදුවේ. ආත්මාර්ථකාමී වීම සහ මෝඩ වීම අතරින් එකක් තෝරාගැනීමට අවස්ථාවක් ලැබුණොතින් මා තොරාගතයුත්තේ කුමක්ද?
මා ඒ ගැන සිතුවෙමි.
පරාර්ථකාමය ඉතා හොද ගුණයකි. ඉතා උසස් මනුෂ්‍ය පැවැත්මකි. එහෙත් පරාර්ථකාමීවීමෙන් අන්‍යන් අතර මෝඩයෙකුවීම කෙසේ දරාගන්නද?
ඉවසීම ද ඉතා හොද ගුණයකි. ඉවසීමෙන් සැනසීම ලැබේ යැයි කියමනක් ඇත. නමුත් ඉවසීමෙන් තිබෙන සැනසීමද නැතිවේ නම්, ඉවසීමේ තේරුමක් තිබේ ද?

මා නාට්‍යය කිහිපයක විවිධ චරිත රගපාමින් සිටින්නේ ඇයි ?
කුමක් ද මගේ සැබෑව ?

කොන්දේසි විරහිත ආදරය යනු කුමක්ද?

මං මේ තරම් අවුල් වුනේ කොහොමද?

මං මේ තරම් කුරිරු වුනේ කොහොමද?

මං මේ තරම් ආත්මාර්ථකාමී වුනේ කොහොමද?

හෙට එයාගෙ උපන්දිනේ..... මං අද උදේ ඉදන් තෑගිදෙන්න පටන්ගත්තා.....
මං වගේ යකින්නක්



Friday, July 12, 2013

මා ඔබේ - ඔබ මගේ

මාලු ටැංකියේ මාලුවෙක් වගේ
කූඩුවේ ගිරවෙක් වගේ

මම දැන් කතා කරන්නම්

ටැංකියේ අපිරිසිදු ජලය නැත
කූඩුවේ විල්ලුද පලස් ඇත

පෙද පාසි වෙනුවට මිළැති ආහාර ඇත
විළද මී පැනි ඇත

මම දැන් කතා කරන්නම්

මා ඔබේ සාලයේ මාලු ටැංකියේ මාලුවාය
මා ඔබේ ඉස්තෝප්පුවේ කූඩුවේ ගිරවාය

ඔබ මගේ නළලේ තිලකයයි
ඔබ මගේ බෙල්ලේ මාලයයි
ඇගිල්ලේ මුදුවයි
මූක්කුත්තියයි

Wednesday, June 5, 2013

ඉස්සර

ඉස්සර
අපි රණ්ඩු කළා
ඉස්සර
අපි ආදරේ කළා
ඉස්සර
අපි එකට හිටියා
ඉස්සර
අපි බැදල හිටියා

ඔව් මම ගිනි කන්දක්

පෙන දහයක් තියන හැපින්නක්
විෂ පෙවූ පලතුරක්
බාදුරා මලක්
එනමුත්
මී විතක්

Tuesday, June 4, 2013

දයාබර රෝසි 3

ඔයා ආපහු මං ළගට ආවා.
අපි ඔයාව අරං ආවා.
ආපහු ඔයා අපි ළග......
අපි ඉන්නෙ හරිම සතුටින්
ඔයත් එක්ක....